1 පිටුව
 

සත වෙත පත මෙත සඟ හස සෙවි පසිඳු
අවනත සුර මත මිණි තර සර පුබුඳු
දිගුරත ගිලි දළ පෙළ මොක්‌ සුවඳ රැඳු
සියපත සිය සිය පත සියපත නමුඳු

උතුම් දහම් රජ මුව ගිරගින් පහළ
අදමි ම හිමි හළ මොක්‌ වෙරළ තිනි ඳුළ
නොහිමි සියුම් නය මිණි පද අරුත් රළ
සදමි සදමි ගඟ ම මුදුන බැතිනි දළ

සියපත් සැදූ බඹ සුර නර උරඟ මත
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනි පත
පිළිවෙත් සරු මහ සඟ ගණ මුනිදු සුත
මුදුනත් දී බැතියෙන් නමදිමි සතන

සත් අත් තිනෙත් සතරන් නත් සිසිර කර
පත්මන් සවත් විදුරන් පුත් තුසර කර
වත් අත් තලත් කිවි රත් ගත් ගුරු අමර
සෙත් දෙත් මෙසත්සුර සත් සිත් ලෙස නිතර

පහළ පොරණ ඉසිවර මුවෙනි මන නඳ
දෙමළ සකු මගද නොහසළ සතට දද
පුවළ නිති සත ගත පද අරුත් ලෙද
සිහළ බසින් සැකෙවින් කියමි පද බැඳ

එබැවින් සෙබෙහි වියතුනි ගුණ යුත් පවර
කිරියෙන් දියර වෙන් කළ හස මෙන් පතර
මවිසින් කියන මෙහි වරදක්‌ දුටත් හැර
සතොසින් අසවු පදරුත් විමසා ගැඹර

පබඳ කිවින් බැඳි කවි රසෙහි විසිතුරු
සබඳ විදු දනෝ පළ කෙරෙති දියතුරු
නොමඳ රසින් දිවයුරු පොබයයි තඹුරු
සුවඳ දිගත විහිදයි හමන මඳ මරු

කිවිපද බැඳුමි ගුණ දොස්‌ කිවිඳුන්ම මිස
නැණ මඳ කුකවි දැන ගත හෙති කවර ලෙස
දරු ලද අඟනන්ම මිස පසවෙහි වෙහෙස
වඳ ළද ඟනෝ දැන ගත හෙති කවර ලෙස

උතුම් නිවන් සැප සපයා දෙන මහත
දහම් රජ සමය නොගනිති කුදිටු සත
නොහිමි සුවඳ විහිදෙන සිරි රැදි දිමුත
පියුම් වෙනෙහි නිල මැසි කැල නොහැසිරෙත

රුවන් මිල නොදත් අනුවණ දන වෙළඳ
ලොබින් කඳා මැටි මිණි යැයි රැගත් ලෙද
පසන් මුනිවරන් හැර අන් සුරන් වැඳ
නිවන් පතා රැවටෙති සත ගෙන දුලඳ

(c) Shilpa Sayura Foundation 2006-2017