නර්තන ශිල්පියාගේ පාදය නර්තනයට අදාලවන සේ සකස් කරගැනීම හා නර්තනය සදහා සිරුරේ සමබරතාවය සකස් කරගැනීමට පා සරඹ අභ්‍යාසය ප්‍රගුණ කල යුතුය. උඩරට පහතරට හා සබරගමු යන කිනම් නැටුම් සම්ප්‍රදායන් ගත්තත් ඒ ඒ සම්ප්‍රදායට අනුකූල පා සරඹ ඇත. සබරගමු සම්ප්‍රදායේදි මෙය දොඹින පද ලෙස හදුන් වන අතර අනෙක් සම්ප්‍රදායන් හි පා සරඹ ලෙස හදුන් වයි.
ආධුනික සබරගමු නැටුම් ශිල්පියා විසින් මූලිකව හා පලමුව කලයුතු නර්තන අභ්‍යාසයි දොඹින පද අභ්‍යාසය. මෙය ගණනින් 12 ක් වන අතර සැම සරඹයකටම පොදු එක් හමාර පදයක් වේ.
දොඹින පද අභ්‍යාස තුලින් පහත සඳහන් හැකියාවන් ලැබෙයි.
* නර්තනයේ නියැලෙන විට වැදගත් ම සාධකය වන මණ්ඩිය ( මැණ්ඩිය ) නිසි ලෙස සකස් කර ගැනිම.
* ශරීරයේ සමබරතාවය හා නම්‍යතාවය ඇතිවීම.
* පාදය නිසි ලෙස තබමින් ලය අනුව නැටීමට හැකියාව ලැබීම.
දොඹින පද අභ්‍යාසයන් සඳහා බෙර වැයීමක් සිදු නොවේ. නර්තන ශිල්පියා විසින් ම පද ගායනා කරමින් සරඹ කිරීම මෙහි සම්ප්රදායයි.