අඟහරු
 

අඟහරු රතූ ග්‍රහයා ලෙසද හදුන්වයි.
අඟහරුට උප ග්‍රහයින් දෙදෙනෙකි.
කාබන් ඩයොක්සයිඩ් සහිත ඝන වායුගෝලයක් ඇත.


ජීවීන් ඇතැයි විශ්වාස කෙරේ.

විශ්කමිභය    කි.මී.6,794

ස්කන්ධය      කි.ග්‍රෑ.6.4219e23





 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සෞරග්‍රහ මණ්ඩලයේ සිවු වැනිව පිහටි ග්‍රහලෝකය අඟහරැ (Mars) ලෙස හඳුන්වයි.1965 දී අඟහරැ වෙත යවන ලද මැරීනර් 4 යානය මඟින් සොයා ගත් වැදගත් තොරතූරක් වූයේ , අඟහරැ ග්‍රහයා මත ජල මාර්ග නොමැති බවයි. කෙසේ වෙතත් පෘතූවියට අමතරව ජලය තිබීම සඳහා සුදුසු පසුබිමක් ඇත්තේ අඟහරැ ග්‍රහයාට පමණි.එහි පරිභ්‍රමණ කාලය හා ඍතූ චක්‍රය ද පෘතූවියට බෝහෝ සෙයින් සමාන වෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද වන ඔලිමිපස් මොන්ස් (Olympus Mons) පිහිටා ඇත්තේ ද අඟහරැ ග්‍රහයා මතයි.

 

උප ග්‍රහයින් දදෛනකෙි. පොහෝබොස් (Phobos) සහ ඩීමොස් (Deimos) යනුවෙන් හඳුන්වන මෙම උප ග්‍රහයන් තරමක් කූඩා හා අස්වාභාවික හැඩයක් ගනී.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පෘතූවියේ සිට පියවි ඇසින් අඟහරැ දෙස බැලීමෙි හැකියාව ඇත. දීප්තියෙන් දෙවැනි වන්නේ සිකූරැ ග්‍රහයාට , සඳුට හා හිරැට පමණි. වසරේ වැඩි කාළයක් බ්‍රහස්පති ග්‍රහයා , අඟහරැ ග්‍රහයාට වඩා දීප්තිමත්ව පෙනෙයි.

දැනට අභ්‍යවකාශ යානා හතරක් අඟහරැ වටා පරිභ්‍රමණය වෙමින් පවතී. එය දෙවැනි වන්නේ පෘතූවියට පමනි.තවද යානා කිහිපයක් ග්‍රහයා මත සිට පරීක්ෂණ සිදු කරගෙන යයි.

 

මතූපිට වැඩි වශයෙන් ඇති අයන් ඔක්සයඩි (iron(III) oxide) නිසා අඟහරැ ග්‍රහයා දිස්වන්නේ රතූ පාටට හුරැ තැඹිලි පාටකින්ය. අඟහරැ ගේ විශ්කමිභය පෘතූවියේ විශ්කමිභයෙන් හරි අඩකි. ස්කන්ධය පෘතූවියේ ස්කන්ධයෙන් 1/10 කි. බුධ ග්‍රහයාට වඩා විශාලත්වයෙන් වැඩ් වුනත් ,ගූරැත්වාකර්ශණය අතින් ගත් කල බුධ ග්‍රහයා ගේ ගූරැත්වාකර්ශනය අඟහරැ ට වඩා වැඩ්ය. එයට හේතූව බූධ ග්‍රහයාගේ ඝණත්වය වැඩි වීමයි. 


 

 

 

 

 

 

අඟහරු මත ජලය තිබූ බවට විශ්වාස කල හැකි ඇසට නොපෙනෙන ජල අංශුවක්

අඟහරැ මත ජලය තිබූ බවට නිශ්චිත සාක්ෂි සොයා ගෙන ඇත.

අඟහරැ ට නිශ්චිත චුමිභක කෙෂ්ත්‍රයක් නැත. සොයා ගැනීමි වලට අනුව ඝර්භයේ සමහර කොටස්වල පමණක් චුමිභක ක්‍ෂේත්‍රයක් පවතී.
අයන්සල්පයිඩි  (iron sulfide) වලින් සැකසුනු ඝර්භය සිලිකේටි (silicate) වලින් ආවරනය වී පවතී. ඝර්භයේ ගණකමෙහි දළ සාමාන්‍ය කි.මී.50 පමණ වන අතර එම ගණකම කි.මී.125 වඩා අඩුය.


 

 

 

 

 

 

 

 

 

1840 දී ආරමිභ කෙරැනු අඟහරැ ග්‍රහයා සිතියමි ගත කිරීමෙි කාර්යය වසර 10 ක පමණ නිරීක්ෂණ කටයුතූ වලින් පසු ව සිදු කෙරැනි. මෙය අඟහරැ සිතියමි ගත කෙරැනු පළමු වන අවස්ථාවයි. ඊට පසුව 1972 දී මැරීනර් 9 යානය ( Mariner 9) මගින් ලබාදුන්  සවිස්තරාත්මක ඡායාරෑප මඟින් එම සිතියමි තවත් දියුණු කෙරැනි.

 

වායුගෝලය සමන්විත වී ඇත්තේ 95% කාබන් ඩයොක්සයිඩි (carbon dioxide) ,3% නයිට්‍රජන් (nitrogen), 1.6 ආගන් (argon) සහ අංශු වශයෙන් පවතින ඔක්සිජන් හා ජලවාශ්ප වලිනි. වායුගෝලය දූවිලි සහිත ස්වභාවයක් ගනී.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම දූවිලි කූණාටු ඇති වන්නේ අඟහරැ මතයි.

අඟහරැ ගේ ධ්‍රැවයන් බෝහෝවිට අයිස් වලින් පිරී පවතී. මූලික වශයෙන් ඝනීභවනය වූ කාබන්ඩයොක්සයිඩි සහ ජලය සුලු ප්‍රමාණයක් මේ අතර වෙයි.උතූරු ධ්‍රැවය ගිමිහානයේ දී කි.මී.1000 පමණ අයිස් වලින් වැසී යයි. එහි ඝනකම කි.මී.5 පමණ වෙයි. දකූණු ධ්‍රැවය කි.මී.350 පමණ විහිදෙන අතර ඝනකම කි.මී.3.5 පමණ වෙයි. ධ්‍රැවයන් හි දඟර ආකාරයට ඇතිවන ආකාරය තවම පැහැදිලි කල නොහැක.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අඟහරු ගේ උතූරු ධ්‍රැවය

අඟහරු ග්‍රහයා සූර්යයා ගේ සිට කි.මී. මිලියන 230 පමණ දුරින් පිහිටයි. සූර්යයා වඩා වටයක් කැරකැවීමට පෘතූවි දින 687 ගතවේ. තමා වටා එක් වටයක් කැරකැවීමට පෘතූවි දින වලින් පැය 24 මිනිත්තු 39 තත්පර 35.244 ගතවේ.

 


 

 

 

 

 

 

 

 

 

 

අඟහරු ගේ පෘෂ්ඨය

අඟහරු ගේ පෘෂ්ඨය , කාළගූණය , භූ විද්‍යාත්මක වාතාවරනය නිරීක්ෂණය කිරීම සඳහා සෝවියටි රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය , යුරෝපය සහ ජපානය විසින් අභ්‍යවකාශ විශාල ප්‍රමාණයක් ඒ වෙත ගුවන් ගත කර ඇත. පූර්ව පරීක්ෂණ වලදී සොයාගෙන තිබුනේ අඟහරු ද අප ජීවත් වන පෘතුවියට බොහෝ සෙයින් සමාන බවයි. ජලය , දියඇලි සහ ජීවීන් ද ඇති බවට විශ්වාසයක් තිබුනි.නමුත් අප දැන් දන්නා පරිදි අගහරු යනු ජීවි හිතකර පරිසරයක් නොවේ. එය පාලු නිසරු බිමකි.

 


 

 

 

 

 

 

 

 

 

 

1996.08. 06 දින ඩේවිඩි මැක් කේ (David McKay) විසින් සඳහන් කර තිබුනේ තමන් අධ්‍යනය කල අඟහරු ගේ උල්කාශ්මයක තිබූ සාධක වලට අනුව , අඟහරු මත ජීවීන් සිට ඇති බවයි. නමුත් අඟහරු මත ජීවීන් ඇති බව හෝ ජීවීන් සිටි බව තවමත් මත බේදයට තුඩු දෙන කරුනකි.

 

අඟහරු වෙත යවන ලද වයිකිං 1(Viking 1)යානය මඟින් අඟහරු පෘෂ්ඨය මත තිබී මිනිස් මුහුණක ස්වභාවය දැක්වෙන ඡායාරූපයක් 1976 ජූලි 25 වෙනි දින ලබාගෙන තිබේ.පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017