සිකූරු
 

 සිකූරු පහන්තරුව , ඉරබටු තරුව , උදාතරුව ලෙසද හඳුන්වයි.
 සිකූරු දීප්තිමත් ග්‍රහයෙකි.
 සිකූරුට උපග්‍රහයින් නැත.
 සිකූරුට පෘතූවියට කිට්ටුම ග්‍රහයාය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සිකූරැ ග්‍රහයා ශෛලමය ග්‍රහයක් වන අතර , සූර්යයා ගේ සිට දෙවැනියට සිටින ග්‍රහයාය. පරිභ්‍රමණය සඳහා ගත වන කාළය පෘතූවි දින 224.7 ලෙස සොයා ගෙන ඇත. භ්‍රමණය වන දිශාවට විරැද්ධ දිශාවට පරිභ්‍රමණය වීම විශේෂත්වයකි. සෞරග්‍රහ මණ්ඩලයේ භ්‍රමණය වීම සඳහා වැඩිම කාළයක් ගන්නා ග්‍රහයා ලෙස ද හදුන්වයි. එය දින 243 කි.

 

ප්‍රමාණයෙන් පෘතූවියට තරමක් කූඩා වන අතර , ඝර්භය බොහෝ සෙයින් එක සමාන වෙයි. අර්ධ ඝන ලෝහ මය  ඝර්භය කින් සමන් විත වන අතර ශෛලමය වැස්මක් ඇත.

සූර්යයා ගේ ආලෝකය විශාල වශයෙන් පරාවර්ථනය කරන නිසා සූර්යයා හා සඳ හැරැණු විට සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත් ම වස්තූව ලෙසද හදුන්වයි.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

             සිකූරැ ග්‍රහායා දීප්ත්මත්ව පෙනෙන ආකාරය

 

ප්‍රධාන අන්තර්ගතය කාබන් ඩයොක්සයිඩි වායුවයි. එහි ප්‍රථිඵලයක් ලෙස මෙය ඉතා උණුසුමි ග්‍රහ ලෝකය වෙයි.මතූපිට උෂ්ණතිවය සෙල්සියස් අංශක 480 කි.

 

පැයට සැතපුමි 360 පමණ වෙීගයෙන් ග්‍රහයා වටා කැරකැවෙන සූළඟ ඝණකමි වන අතර සල්පියුරික් අමිලය (sulphuric acid ) සහිත වළාවක් ලෙසින් පවතී.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

          

                සිකූරැ ග්‍රහායා මත වළා වන් හැසිරෙන ආකාරය

 

පතුපිට පෘෂ්ඨය අවාට , කඳූ ගැට , ගිණිකඳු ආධියෙන් සමන්විත අතර , අවාට යන් ගිණිකඳු වලින් ගලා ආ ලාවා වලින් වැසී ඇත.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අවාට යන් හී ප්‍රමාණය කි.මී.3 සිට කි.මී.280 දක්වා ප්‍රමාණයන් වෙයි. කි.මී.3 ට අඩු ප්‍රමාණයේ ආවාට නැත. එයට හේතූව පෘෂ්ඨය මතට කඩා වැටෙන ග්‍රාහකයන් ගේ දැඩි ස්වභාවය නිසයි.

 

1989 මැයි මස 4 වැනි දින ඇමරිකාවෙන් අභ්‍යවකාශ ගත කල මැගලන් පොරොබි යානය මඟින් සිකූරැ ග්‍රහයාගේ ඉතා හොඳ තත්වයේ සිතියමි රෑප රැසක් ලබා ගෙන ඇත.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සොයා ගෙන ඇති ආකාරයට වසර බිලියන ගනනකට පෙර සිකූරැ ග්‍රහයා මත වතූර තිබූ බවට පිළිගැනේ.

 

රැසියාවෙන් අභ්‍යවකාශගත කල වෙනෙරා (Venera)11 සහ 12 යන යානා වලින් සිකූරැ ග්‍රහයා මත ඇති අචල විද්‍යුත් ධාරා හා විශාල අකූණු ශබිධ සොයා ගෙන ඇත. එම විද්‍යුත් ධාරා ඇති කරන්නේ , පෘතූවියේ මෙන් වැසි නිසා නොව ගිණි කඳු පිපිරීමෙන් ඇතිවන අලූ නිසා වන බව එක් මතයකි. සිකූරැ ග්‍රහයාගේ  වැසි වසින්නේ  නැත.

   

(c) Shilpa Sayura Foundation 2006-2017