සබරගමු නැටුම් සම්ප්‍රදාය හැදින්වීම
 


ලංකාවේ සබරගමු පලාතට අයත් රත්නපුර දිස්‌ත්‍රික්‌කයත්, කෑගලු දිස්‌ත්‍රික්‌කයේ කොටසකත්, ඌව පලාතට අයත් බදුල්ල දිස්‌ත්‍රික්‌කය තුලත් දක්‌නට ලැබෙන නැටුම් සම්ප්‍රදායකි සබරගමු නැටුම් සම්ප්‍රදාය. රත්නපුර මහ සමන් දේවාලය හා බැඳි මේ නැටුම් කොලොන්න කෝරළය, කුකුළු කෝරළය වැනි ප්‍රදේශ තුල බහුලව දක්‌නට ලැබේ.
 
 සබරගමු නැටුමේ ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය වන්නේ " දවුලයි ". ශ්‍රී ලංකාවේ දැනට භාවිතයේ යෙදෙන එකම " විතතාත " ( අතින් හා කෝටුවකින් වයන ) බෙරය දවුලයි.


 
 මෙම සම්ප්‍රදායට අයත් ප්‍රධාන ශාන්ති කර්මය වන්නේ වන්නේ " පහන් මඩුව " ශාන්ති කර්මයයි. මෙම ශාන්ති කර්මයේ පළදින " සබරගමු පබළු " ඇඳුම් කට්‌ටලය සබරගමු සම්ප්‍රදායට අයත් ප්‍රධාන ඇඳුම් කට්‌ටලයකි.
 
 සබරගමු ආධුනික ශිල්පියා මුලින්ම අභ්‍යාසයේ යෙදෙන්නෙ "දොඹින පද " නමින් හඳුන්වන පා සරඹ විශේෂයයි. දොඹින පද ගණනින් 12 කි. සබරගමු මූලික අංගහාර පුහුණුව සඳහා " මාත්‍රා පද " නැමති විශේෂ නර්තන ක්‍රමය අභ්‍යාසයේ යෙදෙයි. සබරගමු නැටුමට අයත් වන්නම් 32 ක්‌ ඇතැයි කියනු ලබයි. 


 

(c) Shilpa Sayura Foundation 2006-2017