බුධ
 

 බුධ සූර්‍යයාට කිට්ටුම ග්‍රහයාය.
 උප ග්‍රහයින් නැත.
 වායු ගෝලයක් නැත.
 සැම විටම සූර්‍යයාට එකම පැත්තක් මුහුණලා පිහිටයි.
 භ්‍රමණයට හා පරිභ්‍රමණයට ගතවන කාළය සමානය.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සූර්යයා වටා එක් වරක් යෑමට දින 88 ගත වෙයි. සූර්යයා ගේ සිට අංෂක 28.3 ඇලව පිහිටයි. 1974 - 1975 වර්ෂ වල බුධ ග්‍රහයා වෙත ලඟාවූ මැරීනර් 10 යානය බුධ ග්‍රහයා ගෙන් 40% - 45% පමණ ප්‍රමාණයක් සිතියමි ගත කල ඇති අතර , මෙතකේ බුධ ග්‍රහයා කරා ලඟාවූ එකම යානය  ද මෙය යි.

 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                           

 

 

                                මැරීනර් 10 යානය

 

බුධ ග්‍රහයා සතූව විශාල යකඩ ඝර්භයක් (iron core)ඇති අතර පෘතුවියෙන් නිපදවන ප්‍රමාණයෙන් 1% ක පමන වන චුමිභක ක්‍ෂේත්‍රයක් ඒ මඟින් නිපදවනු ලබයි. මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -180 සිට 430 දක්වා වෙයි. සූර්යයා දෙසට මුහුණ ලා ඇති ‍ප්‍රදේශය උෂ්ණත්වයෙන් වැඩි අතර , අනෙක් පස පිහිටි ආවාට යන් උෂ්ණත්වයෙන් අඩුම  ප්‍රදේශ වෙයි.

 

සමකය කි.මී.4879 දුර ප්‍රමාණයක් වෙයි. ඒ අනුව ප්‍රමාණයෙන් තරමක කූඩා ග්‍රහයෙකූ ලෙසද හැඳින්විය හැකිය.

බුධ ග්‍රහායා ගේ ආසන්න වශයෙන් ලෝහ 70% ක් හා සිලිකේටි 30% ක් පමණ අන්තර් ගත වී ඇති බවට පර්යේෂණ මඟින් සොයා ගෙන ඇත.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඝනත්වයෙන් දෙවැනි වන්නේ අප ජීවත් වන පෘතූවියට පමණකි. එනමි 5430 kg/m³ වෙයි.

 

බුධ ග්‍රහායා ගේ අධික ඝනත්වය එහි ඇතූලත ව්‍යුහය මනාව පැහැදිලි කරයි. එහි ඝර්භයෙහි ඇති අධික යකඩ ප්‍රමාණය නිසා මෙවැනි අධික ඝනත්වයක් ඇති බව විශ්වාස කල හැක.

 

බුධ ග්‍රහායා ගේ මතූ පිට චන්ද්‍රයාගේ මතූ පිට ට බොහෝ සෙයින් සමානවෙයි. මතූපිට ඇති තැනිතලා බිමි හා ආවාට මඟින් පැහැදිලි වන්නේ ජීව විද්‍යාත්මක වශයෙන් වසර බිලියන ගණනාවක් අක්‍රීයව පවතින බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                            

 

 

                               බුධ ග්‍රහායා ගේ මතූ පිට පෘෂ්ඨය

 

වල්ගා තරැ හා ග්‍රාහක විශාල ප්‍රමාණයක් බුධ ග්‍රහයා මතූ පිට පුපුරා ගොස් ඇති බව එහි මතූ පිට පෘෂ්ඨය දෙස බැලූ බැල්මටම පෙනී යයි.

 

බුධ ග්‍රහයා ගේ පෘෂ්ඨය කි.මී. 100 - 200 පමණ ඝණකමකින් යුක්තය.


දිගූ කාළයක් සඳහා ගූරැත්වා කර්ෂණ බලය රැක ගැනීමට අපොහොසත්ය. වායුගෝලයේ අන්තර් ගතවී ඇත්තේ හයඩ්‍රජන් , හීලියමි , ඔක්සිජන් , සෝඩියමි , කැල්සියමි , සහ පොටෑසියමි වලිනි.

 

බුධ ග්‍රහයා සූර්යයා ගේ සිට කි.මී. 46,000,000 සිට 70,000,000 පමණ දුර පරාසයකින් පිහිටා ඇත.

17 වන ශතවර්ශයේ දී ගැලීලියෝ ගැලිලි විසින් නිපදවූ දුර දකිනයට සිකූරැ ග්‍රහයා පසු කර බුධ ග්‍රහායා දැක ගැනීමට තරමි ශක්තියක් නොතිබිනි. ඒ  අනුව 1631 දී පීරේ ගසෙන්දි (Pierre Gassendi)තම දුරදක්නයෙන් බුධ ග්‍රහයා අධ්‍යනය කරන ලදි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017