කෝට්‌ටේ හයවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව සේනාසම්මත වික්‍රමබාහු නම් කුමාරයෙක් සෙංකඩගල ස්‌වාධීන පාලකයෙකු ලෙස කටයුතු කළේය. කන්ද උඩ පස්‌රට වූ උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවාහැට හා හාරිස්‌පත්තුව ඔහු යටතේ පැවතිණි. පසුව මෙම දේශ සීමාවා පුළුල් කර ගැනීමට වික්‍රමබාහුට හැකිවිය. පෘතුගීසීන් ලංකාවට පැමිණෙන අවදියේ උඩරට පාලකයා වූයේ වික්‍රමබාහු රජුය.
උඩරට ප්‍රධාන ආර්ථික බෝගය වූයේ වී වගාවයි. ගම්මිරිස්, පුවක්, කරඳමුංගු වැනි වෙළෙඳ වගාවන්ද වැදගත් විය.
