යාපනය ප්‍රාදේශීය රාජ්‍යය
 

සපුමල් කුමරු යාපනය ආර්ය චක්‍රවර්තීන්ගෙන් මුදාගෙන එහි පාලකයා බවට පත්විය. ඔහු 6 වන බුවනෙකබාහු නමින් කෝට්‌ටේ රජවීමෙන් පසුව ඔහුගේ මරණය තෙක්‌ම යාපනය කෝට්‌ටේ රාජ්‍යය යටතේ පැවතුණි. බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු දකුණු ඉන්දියානු විජයනගර් පාලකයන්ගේ උපකාර ඇතිව ආර්ය චක්‍රවර්තී පරපුර යාපනයේ නැවත බලයට පත්විය. යාපනය අර්ධද්වීපය සහ මන්නාරම් සිට මුලතිව් දක්‌වා මුහුදුබඩ බිම් තීරුවක්‌ද යාපනය ප්‍රාදේශීය රාජ්‍යයට අයත් විය.

සීමිත ප්‍රදේශයක ව්‍යාප්තව පැවැති ව වගාව, හේන් වගාව, ගෙවතු වගාව හා ධීවර කර්මාන්තය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායයන් විය. දකුණු ඉන්දියානු වරායන් සමග වෙළෙඳාමද සිදුවිය. එය රජයේ ආදායම් මාර්ගයක්‌ විය.

(c) Shilpa Sayura Foundation 2006-2017