දහසය වන ශත වර්ෂය ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අගරජු වාසය කළේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ නගරයේ ය. ඊට අමතරව තවත් ප්‍රාදේශීය පාලන මධ්‍යස්‌ථාන දෙකක් විය. එනම් කන්ද උඩරට හා යාපනයයි.
කෝටේටේ රාජ්‍යය
උතුරින් මල්වතු ඔය, නැගෙනහිරින් මධ්‍යම කදැකරයේ බටහිර බෑවුම, දකුණින් වලවේ ගඟ සහ බටහිරින් මුහුදැ වෙරළ තීරය ද මායිම් කරගත් කෝට්‌ටේ රාජ්‍යය මේ වන විට පාලනය කළේ 1490 දී සිහසුනට පත් අටවැනි වීර පරාක්‍රමබාහු රජතුමාය. ඔහු ත්‍රී සිංහලාධීශ්වර යනුවෙන් හඳුන්වන ලද අතර මුළු දිවයිනේම අගරජු ලෙසද පිළිගැනුණි.
කෘෂිකාර්මික අර්ථ ක්‍රමය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය විය. රජයේ ආදායමෙන් විශාල කොටසක් විදේශ වෙළෙඳාමෙන් ලැබුණි. කුරුඳු, ගම්මිරිස්, සාදික්‌කා, කරඳමුංගකු (එනසාල්), පුවක්, ඇත්දත්, මැණික්, මුතු යන භාණ්‌ඩ මෙකල විදේශ වෙලෙඳාමට සම්බන්ධ වු වැදගත් අපනයනයන් විය.
මාතොට, පුත්තලම, හලාවත, කොළඹ, ගාල්ල, දෙවුන්දර යන තොටුපළවල් ඔස්‌සේ වෙළෙඳ කටයුතු සිදුවිය. අරාබි ජාතික මුස්‌ලිම් වෙළෙන්දෝ කෝට්‌ටේ රාජ්‍යය හා උඩරට සමඟද වෙළෙඳ සබඳතා පවත්වමින් විදේශ වෙළෙඳාම කරගෙන ගියහ.
