පෘතුගීසි බලය ඉන්දියන් සාගරයේ ව්‍යාප්ත විම
 

වස්කෝද ගාමා විසින් ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයාගෙන කැලිකට් හා කොචින් වරායේ තම ආධිපත්‍ය පිහිටුවීම සහ එහි තිබූ අරාබි නැවි ගිල්වා, අරාබි වෙළද බලය අඩපණ කිරීමෙන් සමග ධෛර්යයමත් වු පෘතුගීසීහු විහාල නාවික හමුදාවක්‌ පිළියෙල කරගෙන ආසියාවට පැමිණියහ.
මේ ගමන්වල ප්‍රධාන පරමාර්ථයන් වූයේ :



  • 1. තුර්කීන් විසින් අඩපණ කරන ලද වෙළෙඳාම යථා තත්ත්වයට පත්කර ගැනීම.
     

  • 2. ඉස්‌ලාම් ආගම ව්‍යාප්ත වම වැළැක්‌වම සඳහා ක්‍රිස්‌තියානි ආගම ප්‍රචාරය කිරීම.
     

  • 3. ලිස්‌බන් නගරය යුරෝපයේ ප්‍රධාන වෙළෙඳ ම‍ධ්‍යස්‌ථානය බවට පත්කරගෙන වෙළෙඳාමෙන් ලාභ ලබා ගැනීම.

 

ක්‍රි.ව. 1500 දී පීච්රු අල්වාරිස්‌ කබ්රාල් භටයන් 1200 කින් යුත් නැව් හමුදාවක්‌ ගෙන ඉන්දියාවේ කැලිකට්‌ වරායට පැමිණියේ ය. කැලිකට්‌හි මුස්‌ලිම් රජු අරාබිය සමග කළ වෙළෙඳාම නතර කිරිමට අකමැති වු නිසා පෘතුගීසීන් කොචින් නගරය තම මූලස්‌ථානය කරගති. 

 තුර්කි හමුදා සමග ගෝව අල්ලා ගැනීමට පෘතුගීසීන් කළ සටන


1503 තී ප්‍රැන්සිස්‌කෝද අල්මේදා යටතේ විශාල නැව් හමුදාවක්‌ ඉන්දියන් සාගරයේ මුස්ලිම් නැව් කොල්ලකෑම සඳහා එවන ලදි. ඔහුගේ පුත් ලොරෙන්සෝද අල්මේදා මුස්‌ලිම් බලය මර්ධනය කිරීම සඳහා දරුණු ලෙස මුස්‌ලිම් නැව් කොල්කෑමට පටන් ගත්තේය. චීන දේශයේ සිට පැමිණි මුස්‌ලිම් නැව් කණ්‌ඩායමකට පහර දීම සඳහා මාලදිවයින අසල මුහුදේ සැරි සැරූ අල්මේදාගේ නැව් කණ්‌ඩායම කුණාටුවකට අසු වී ලංකාවේ ගාලු වරායට ගසාගෙන ආවේය.


 පෘතුගීසි නාවුකයින්ගේ ගමන් මගවල්
1509 දී මුස්‌ලිම් වරුන් පරාජය කර ඉන්දියන් සාගරයේ වෙළෙඳ ආධිපත්‍යය ලබා ගැනීමට පෘතුගීසීන්ට හැකිවිය. පෙරදිග අධිරාජ්‍යයක්‌ ගොඩනැගීම පෘතුගීසීන්ගේ මී ළඟ පරමාර්ථය විය. පෙරදිග පෘතුගීසි ප්‍රතිරාජයා ලෙස පත්ව ආ අල්පොන්සු ද අබුබකර් විසින් ඕම්ස්‌, මලක්‌කා, සොක්‍රෝතා, ඩියු දිවයින හා එවකට මුස්‌ලිම් බල මධ්‍යස්‌ථානය වු ගෝවද යටත් කර ගති. 1515 පමණ වන විට ඉන්දියන් සාගරයේ පෘතුගීසී බලය අද්විතීය විය.


15-19 ශත වර්ෂවල පෘතුගීසි අධිරාජ්‍යය

පෘතුගීසීන්ට පසුව ස්‌පාඤ්ඤ, ප්‍රංශ, ඉතාලි, ඕලන්ද හා ඉංගීසි ජාතිකයෝ පෙරදිග රටවල් සමඟ වෙළෙඳාම් කිරීම සඳහා පෙරදිගට පැමිණියහ. ඉන්පසු ඔවුන් අතර පෙරදිග රටවල් අල්ලා ගැනීමේ තරගයක්‌ ඇති විය. මෙය අධිරාජ්‍ය ගොඩනැගීමේ තරඟය ලෙස හඳුන්වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017