1453 දී ඇලෙක්සැන්ඩ්‍රියාව හා කොන්ස්‌තන්තිනෝපල් නගරය තුර්කි අධිරාජ්‍යයට යටත්වම නිසා එහි සිටි ක්‍රිස්‌තු භක්‌තික විද්‍යාර්ථීහු තමන් සතුව තිබුණු ග්‍රීක - රෝම සාහිත්‍යය හා දාර්ශනික පොත්පත්ද රැගෙන බටහිර යුරෝපයට පලා ගියහ.

ඉන්පසුව බටහිර යුරෝපා ජාතීන් මෙම පොත්පත් පරිශීලනය කිරමේ ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපා රටවල ආගමික, සාහිත්‍ය, කලා සහ විද්‍යා අංශවල නව පිබිදීමක් හෙවත් පුනරුදයක් ඇති විය. මෙම පුනුරුදය ප්‍රබෝධ කරවූයේ ග්‍රීසියේ ස්වරණමය යුගයේ ග්‍රීක බසින් හා රෝම යුගයේ ලතින් බසින් ලියවුනු පොත පත, දර්ශනය, ජ්‍යාමිතිය ආදිය අධ්‍යනය කළ උගතුන් විසිනි. බොහෝ චිත්‍ර ශිල්පීන් හා කතෘන් රෝම හ ග්‍රීක සම්ප්‍රදායන් අනුව නව උත්පාදනයේ innovation) යෙදුණි. පුනුරුදයේ චිත්‍ර, කැටයම්, ගෘහ නිර්මාණය වඩාත් තාත්වික හා දර්ශනාත්මක ලක්‍ෂණ පෙන්නුම් කරයි.



ඉන් ලියනාඩෝ ඩාවින්චි නම් චිත්‍ර ශිල්පි ගණිතඥයා ප්‍රමූඛ විය. බොහෝ ග්‍රීක පොත පත ඉස්ලමික මූලාශ්‍ර මත නව්‍යකරණයය වී ලියවුනු අතර, මැකියාවෙලීගේ "කුමාරයා" (Machiavelli's Prince) ග්‍රන්ථයෙන් දේශපාලන සිද්ධාන්ත මතුවූ අතර ඉන් සමාජය වඩාත් ක්‍රමාණූකූල වීමට හේතු විය.



