ශ්‍රී ලංකාව හරහා වැටුණු වෙළද මාර්ග
 

පෙරදිග රටවල සිට යුරෝපයට භාණ්‌ඩ ගෙනයාම සඳහා එකල ප්‍රධාන මාර්ග දෙකක්‌ විය.

1. තාරා නගරයෙන් ආරම්භව චීන මුහුදේ වෙරළාසන්නයෙන් දකුණට විහිදී මලක්‌කා සමුද්‍ර සන්ධිය හරහා බෙංගාල බොක්‌කට පිවිස ලංකාව හා ඉන්දියාව හරහා අරාබි මුහුදට පැමිණි මාර්ගය ඉන් පළමුවැන්නයි. මෙම මාර්ගය අරාබි මුහුදේ සිට දෙකඩ ව මාර්ග දෙකක්‌ ලෙස යුරෝපය දක්‌වා ගමන් කළේය.

ඉන් එකක්‌ රතු මුහුද ඔස්‌සේ විහිඳී ගොස්‌ මිසරයේ පිහිටි ඇලෙක්‌සැන්ඩ්‍රියා නගරයටත් එතැන් සිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයේ වෙළෙඳ නගර දක්‌වාත් වැටී තිබුණි.

අනෙක්‌ මාර්ගය පර්ෂියන් බොක්‌ක ඔස්‌සේ ඕම්ස්‌, බැග්ඩෑඩ්, බස්‌රා, කොන්ස්‌තන්තිනෝපල් යන නගර හරහා යුරෝපයේ වෙළෙඳ නගර දක්‌වා විහිදුණි.

2. චීනයේ පීකිං නගරයෙන් ආරම්භ ව මොංගෝලියාව හරහා ගොඩබිම ඔස්‌සේ පැමිණ කොන්ස්‌තන්ති නෝපල් නගරය හරහා යුරෝපය දක්‌වා වැටුණු ගොඩබිම් මාර්ගය.

මින් පළමුවැන්න මුහුදු සේද මාවත නමින්ද දෙවැන්න ගොඩබිම සේද මාවත නමින් ද හැඳින්වේ.

මෙකල යුරෝපායට වෙළෙඳ භාණ්‌ඩ බෙදාහරින ලද්දේ කොන්ස්‌තන්තිනෝපල් හා ඇලෙක්‌සැන්ඩ්‍රියා යන ප්‍රධාන වෙළෙඳ හුවමාරු මධ්‍යස්‌ථාන දෙකෙනි.

පෙරදිග රටවලට ගොස්‌ වෙළෙඳ භාණ්‌ඩ රැගෙන පැමිණි මුස්‌ලිම් වෙළෙන්දෝ මෙම වෙළෙඳ හුවමාරු මධ්‍යස්‌ථාන වලඳී යුරෝපීය වෙළෙන්දන්ට භාණ්‌ඩ අලෙවි කළහ.

(c) Shilpa Sayura Foundation 2006-2017