මේ වනවිට ස්පාඤ්ඤ ජාතික ක්රිස්ටෝපර් කොලම්බස් දකුණු ඇමරිකාවෙන් නැවත යුරෝපයට පැමිණ තමා බටහිර දෙසින් අත්ලන්තික් සාගරය හරහා ඉන්දියාවට මාර්ගයක් සොයාගත් බව ප්රකාශ කර සිටියේය. ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර තරඟයක් ඇතිවීමෙන් පාප් තුමා මැදිහත් වී අත්ලන්තික් සාගරයෙන් බටහිරින් සොයා ගන්නා දේශ ස්පාඤ්ඤයටද, නැගෙනහිර සොයා ගන්නා දේශ පෘතුගාලයටද හිමි කරදුණි. ඉන් පෘතුගාලයට බටහිර අප්රිකාවේ නෞකා මාර්ග අයිතිය ලැබිණි.