පෙරදිගට පැමණීම සඳහා මුහුදු මාර්ග සෙවීමේ පුරෝගාමීන් වුයේ සාගර ආශ්‍රිතව පිහිටි රටවල් දෙකක් වු පෘතුගාලය හා ස්‌පාඤ්ඤයි. නාවික විද්‍යාව හා තාරකා විද්‍යාව ගැන උනන්දැවක් දැක් වු පෘතුගාලයේ නාවික හෙන්රි රජුගෙන් දේශ ගවේෂණ කටයුතු සඳහා විශාල අනුග්‍රහයක් ලැබුණි.
පෘතුගාලයේ සිට පෙරදිගට පැමිණීම සඳහා නාවික මාර්ගයක් සෙවීමේ යෙදුණු බර්තොලමියු දියෙස් 1486 දූ අප්‍රිකාවේ දකුණු තුඩුවට පැමිණියේ ය. ඔහු එහිදී කුණාටුවකට හසුවම නිසා එම ස්‌ථානය කුණාටු තුඩුව ලෙස නම් කොට ආපසු ගියේ ය. ඔහුගේ උත්සාහය ගැන ප්‍රශංසා කළ හෙන්රි රජු එම ස්‌ථානය සූභපැත්මේ තුඩුව ලෙස නම් කළේ ය.
1487 දී බර්තෝලමියු ඩයස් (Bartholomew Diaz) අප්‍රිකාවට වටා ඉන්දියාවට ඒමට ගත් උත්සාහයෙන් දකුණු අප්‍රිකාවේ කෙළවර සුභ ප්‍රාර්ථනා තුඩුව (Point of Good Hope) දක්වා ඒමෙන් ඉන්දියාවට යුරෝපයේ සිට මුහුදු මාර්ගයක් තිබෙන බව දැන ගත්හ.
පසුව පෘතුගාලයේ 2 වන ජෝන් රජුගේ ඔත්තුකරුවකු වූ පෙඩරෝ කොවිහා අරාබි ජාතිකයෙකු ලෙස වෙස් වලාගෙන ගොඩබිම් මාර්ග වලින් ඉන්දියාවට ගොස් වසර 3 ක් පුරා අරාබි -ඉන්දීය සාගරයේ සියළුම වරාය ගැන තොරතුරු රැස් කළේය.