වස්කෝද ගාමා ඉන්දියාවට නෞකා මාර්ගයක් සොයා ගැනීම
 

1497 දී වස්කෝද ගාමා ඉන්දියාවට අප්‍රිකාව වටෙන් නෞකා මාර්ගයක් සොයා පෘතුගාලයේ අගනුවර සිට ලිස්බන් නගරයේ සිට දේශාටනයක් ඇරඹීය. එම නාවික බල ඇණුයට නෞකා 4 ක් හා නාවිකයින් 170 ක් ඇතුලත් විය.

ඔවුන්හා කැනරි දූපත් හා ඉන් පසු කේප් වර්ඩා දූපත් වලට පැමිණියෝය. දක්වා බර්තොලමියු ඩයස්ද ඔවුන් සමග විය. ගිනියාවේ කුණාටු මග හැරීමට අත්ලන්තික් සාගරයේ දකුණට ගොස් නැගෙනහිරට හමන සුලං ආධාරයෙන් ඔවුන් සාන්ත හෙලේනා වරායට පැමිණ සුභ ප්‍රාර්ථනා තුඩුව වටා ඉන්දීය සාගරයට බටහ.

අප්‍රිකාව වටා උතුරට යාත්‍රා කළ ඔවුහු ඉන්දියාවට පැමිණියහ. වෙළඳාම් කරමින් දේශාටනයේ යෙදුනු වස්‌කෝද ගාමා විශාල භාණ්‌ඩ තොගයක්‌ රැගෙන වසර 2 කට පසුව ක්‍රි.ව. 1499 දී ආපසු ලිස්‌බනයට ගියේ ය. තම දේශාටනයේදී කි.මී 38,600km ක් දින 300 ක් මුහුදේ ගමන් කළ ඔවුන් ආපසු එනවිට මුල් 170 ක නාවිකයින්ගෙන් ඉතිරිව සිටියේ 54 ක් පමණකි. ඉන් ධෛර්යයමත් වු පෘතිගීසීහු විහාල නාවික හමුදාවක්‌ පිළියෙල කරගෙන ලෝකයේ විවිධ ප්‍රදේශ කරා ගමන් ගත්හ.



 





දෙවන වරට 1502 දී වස්කෝද ගාමා පෘතුගීසි යුධ නෞකා 20 ක හා 1400 ක නාවිකයින්ගේ බල ඇණියක් සමග කැලිකට් හරහා යාත්‍රා කර ඉන්දියාවේ කොචින් නගරයට පැමිණියේය. මේ ගමනේදී මැකා සිට පැමිණි අරාබි නැවක් කොල්ල කා එහි සිටි 380 ක් දෙනා නැවට දමා අඟුලු ලා නැවට ගිනි තබා ගිල්වා දැමීය.

අනතුරුව ඔහු අරාබි බලය පැතිරී තිබුණු බටහිර ඉන්දියාවේ කිල්වා හා කැලිකට් වරායද අල්ලා ගත්තේය. ඔහු කැලිකට් වරායේ නැව් 21 ක් ගිල්වා දැමීය.

තෙවන වර 1524 දී වස්කෝද ගාමා ඉන්දියාවට ආවේ කොචින්හි පෘතුගීසි විසුරේ එනම් ප්‍රතිරාජයා වීමටයි. එහිදී මැලේරියාව සෑදීම නිසා කොචින් නගරයේදී මරණයට පත් විය.

කොචින්හි සාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයේ මිහිදන් කළ ඔහුගේ භස්මාවශේෂ 1539 දී පෘතුගාලයට ගෙන ගොස් බෙලෙම්හි සොහොන් ගෙයක මිහිදන් කරන ලදි.

(c) Shilpa Sayura Foundation 2006-2017