විද්‍යාවේ දියුණුව දේශ ගවේෂණ ගමන් කෙරෙහි දැඩි ලෙස බලපෑ සාධකයක් විය. ලෝකය ගෝලාකාර බව තහවුරු වම නිසා යුරෝපයේ ඕනෑම ස්‌ථානයක සිට බටහිරට යාත්‍රා කිරීමෙන් පෙරදිග රටවලට පැමිණිය හැකි බව තේරුම් ගැනීමද සිදුවිය. මාලිමාව සොයා ගැනිම නිසා මුහුදු ගමන් ආරක්ෂාකාරීව හා නිවැරදිව කළ හැකිවීමද වඩා දීර්ඝ ගමන් සඳහා හොඳ තත්වයේ මුහුදු යාත්‍රා නිපදවමට හැකිවීමට ඊට හේතු විය.
ක්‍රිස්තියානි ආගම පැතිර යමින් තිබූ මේ කාලයේ ඉන්දීය සාගරයේ වෙළද බලය අයත් වූයේ අරාබී ජාතීන්ටය. පෙරදිගට පැමණීම සඳහා මුහුදු මාර්ග සෙවීමේ පුරෝගාමීන් වුයේ සාගර ආශ්‍රිතව පිහිටි රටවල් දෙකක් වු පෘතුගාලය හා ස්‌පාඤ්ඤයි.
ඉන්දියාව සොයා ගිය ස්පාඤ්ඤ ජාතික ක්‍රිස්ටෝපර් කොලම්බස් අත්ලන්තික් සාගරය තරණය කර දකුණු ඇමරිකාවට පැමිණිමෙන් පසුව යුරෝපීයන් අතර දේශාටනය පිළිබඳව නව උනන්දුවක් ඇති වූ අතර ඔවුන්ගේ නෞකා ශාස්ත්‍රයද මේ වනවිට ඉතා දියුණුව තිබුණි.
නාවික විද්‍යාව හා තාරකා විද්‍යාව ගැන උනන්දැවක් දැක් වු පෘතුගාලයේ නාවික හෙන්රි රජුගෙන් දේශ ගවේෂණ කටයුතු සඳහා විශාල අනුග්‍රහයක් ලැබුණි. පෘතුගාලයේ හෙන්රි රජු මෙම දේශාටන ගමන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේ ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයා ගැනීමටය.
හෙන්රි රජුගේ ක්‍රියාව නිසා දකුණු අප්‍රිකාව දක්වා ආ පෘතුගීසි ජාතිකයෝ මුහුදු මාර්ග උපයෝගී කොටගෙන වහල් හා රන් වෙළදාම කළහ.
15 වන ශත වර්ෂයේ මැද පෘතුගීසි ජාතික දේශ ගවේශක වස්කෝද ගාමා (Vasco da Gama) විසින් ඉන්දියාවට නාවික වෙළඳ මාර්ගයක් සොයා ගැනීම යුරෝපීය නෞකා ඉන්දීය සාගරයට පැමිණිමට හේතුවිය.