ගඩලාදෙණිය හා ලංකාතිලක විහාරවල කරවන ලද චිත්‍ර කර්ම පිළිබඳව සෙල් ලිපිවල සඳහන් ව ඇතත් පසුකාලීනව කරන ලද ප්‍රතිසංස්‌කරණ නිසා ඒවා යටපත් ව ඇත. කෝට්‌ටේ යුගයේ සිතුවම් ගැනද සාහිත්‍ය කෘතිවල ලියැව ඇතත් මේවා කිසිවක් අද ඉතිර ව නැත. පුස්‌කොළ පොත්වල පිටකවර සඳහා යොදන ලී කම්බ සිතුවම් කිරීම මේ යුගයේ කර ඇති බවට සාක්‌ෂියක් කොළඹ කෞතුකාගාරයෙන් ලැබේ. එම සිතුවම් කළ ලී කම්බය 2 වන පැරකුම්බා යුගයට අයත්ය.