චුන්නාකම් නගරයේ කාන්තරෝඩායි නම් ස්ථානයේ ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයට අයත් බෞද්ධ ස්තූප නටඹුන් හමුවේ. මෙම ස්ථානය සොයාගත් ශ්‍රීමත් පෝල් පීරිස් විසින් කරන ලද කැණීම් වලින් එවැනි කුඩා එක ලඟින් තැනූ ස්ථූප 50 ක් පමණ හමුවීය. විශාලම ස්ථූපය අඩි 12 ක විෂ්කම්භයක් ඇති අතර ඒවා වල කොත් කැරැල්ල (The finials of the Stupa) හිරිගල් වලින් සකසා ඇත. ඊට අමතර ගරාඳි වැට, ප්‍රතිමා, කුලුණු, මං සලකුණු ආදියද හමුවී ඇත. මේ අනුව මෙය බෞද්ධ විහාර සංකීර්ණයක් බව කියැවේ.