ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ වෙළද නැව් සඳහා පහසුකම් සපයන්නා වීමට භූගෝලීය පිහිටීම බලපෑවේය. ශ්‍රී ලංකාවේ මැණික්, ඇත්දල, කුළුබඩු හා මුතු පිටරැටියන් ඇදී ආ සුඛෝපභෝගී භාණ්ඩ විය. ඉන්දියාව, චීනය, අරාබිය, පර්සියාව හා බොහෝ වෙළද ගණුදෙණු වූ බවට සාක්‍ෂි තිබේ.
13 වන ශත වර්ශය වනතුරු ප්‍රධාන වරාය වූයේ මහා තිත්ථ එනම් මන්නාරමයි. දකුණු ඉන්දියවෙන් ආ වෙළඳ හා ආක්‍රමණික නෞකා වලට එය ඉතා වැදගත් වීය. මහා තිත්ථ පිහිටා තිබූ ස්ථානයෙන් මුහුදට වැටෙන මල්වතු ඔය ඔස්සේ අනුරාධපුරයටද පැමිණිය හැකි විය. ජනතාව හා රාජධානිය නිරිත දෙසට සංක්‍රමණය වීම සමග මහා තිත්ථය වෙනුවට නිරිත දිග වරායන්ට යොමු වීය.
17 වන ශත වර්ෂයේදී අරාබි මුහුදේ වෙළදාම වඩාත් බෙංගාල බොක්කට මාරු වීම නිසා ගෝකණ්න හෙවත් ත්‍රිකුණාමළය වරාය වැදගත් වරායක් වීය. පොළොන්නරුවේ සිට මහවැලි ගඟ ඔස්සේ ගෝකණ්නට ලඟාවීමට පහසු වීම නිසා දහවන ශත වර්ෂයේදී ගෝකණ්න ප්‍රධාන වරායක්ද වීය.
කෙසේ වුවද මහාතිත්ථය දිගටම භාවිතා වීය. එය චෝල හා කාලිංඝ මාග සමය වල දකුණු ආසියාවේ නැවතත් වැදගත්ම වරායක් බවට පත්වීය. 15 වන ශත වර්ශය වන විට කෝට්ටේ රාජධාණිය මහාතිත්ථයට එතරම් සැලකීමක් නොකළද, සපුමල් කුමාරයා යාපනයේ පාලකයා වීම සමග උතුරු වෙළදාම හා නාවුක නැවත කටයුතු සංවර්ධනය වීය.
යාපනයේ ජම්බුකොල පටුන (කන්කසන්තුරේ)හා ඌරාතොට (කයිට්ස්) වැදගත් වූ කුඩා වරායන් වීය. ජම්බුකොල පටුන සිට අනුරාධපුරයට මාර්ගයක්ද තිබිණි.
තවද හම්බන්තොට පිහිටි ගොඩපාවත නොහොත් ගොඩවාය පිහිටියේ වලවේ ගඟ මෝයේය. ස්වාභාවික වරායන් වූ ගාල්ල 14 වන ශත වර්ශයේදී වැදගත් ස්ථානයක් ගති. දෙවුන්දර හා ගාල්ල වරායට දක්වා තමා යාත්‍රා කළ බවත් එහිදී ගාල්ලේ වාසය කල ඊබ්‍රාහිම් නම් අයකු තමාට සංග්‍රහ කළ බවත් අරාබි දේශ ගවේශකයෙකු වූ ඉබන් බතුතා ලියා තිබේ. ගාල්ලේ ත්‍රිභාශා ගල් පතුරේ චීන, දෙමළ හා අරාබි අක්‍ෂර දක්නට තිබේ. ඒ වනවිට ගාල්ල ඉතා හොඳින් සංවර්ධනය වූ වෙළද මධ්‍යස්ථානයක් වීය.

දෙවුන්දර සෙල් ලිපියට අනුව 2 වන පරාක්‍රමබාහු රජ (1236 - 70) විසින් දෙවුන්දර වරායට එන නැවි සඳහා පැනවූ නීති හා බදු ප්‍රමාණ දක්වයි. එහි මහා පණ්ඩිත නම් ප්‍රධාන රේගු නිළධාරියෙකු වීය. දෙවුන්දර වරාය හොඳ වෙළද මධ්‍යස්ථානයක් වූ බව පරවි හා හංස සන්දේශ වල ලිය ඇත. මුහුදට අධිපති වරුණ (විෂ්ණු) දෙවියන් උදෙසා කළ දේවාලයක්ද දෙවුන්දර වේ. දෙවුන්දර වරාය 7 වන සියවසේදී ඇරඹී යයි මූලාශ්‍ර කියයි.

12 වන ශත වර්ෂයේ පමණ මහා පරාක්‍රමබාහු සමයේ වැලිගම වරාය සිට වැදගත් වරායක් වී ඇත. කැළණි සෙල් ලිපිය අනුව බුරුම රජ කෙනකු එවූ නැවක් එහි පැමිණි බව ලියා ඇත. තිසර, කෝකිල හා පරවි සංදේශ වලද වැලිගම වරාය සඳහන් කෙරේ. එය 15 වන ශත වර්ශයේදී වැදගත් වරායන් අතරින් එකක් විය. එහි වෙළදාමේ ආ මුස්ලිම් වරු පදිංචි වූ අතර ඔවුන් දෙමළ භාෂාව කථා කළහ. පෘතුගීසි ලේඛන අනුව මලබාරයේ සිට ආ ජා වරුන් ශ්‍රී ලංකාවේ සැප පහසු ජීවිතයක් සඳහා සංක්‍රමණය වූහ.
නිරිත දිගට රාජ්‍යත්වය සංක්‍රමණය වී සමග බේරුවල, බෙන්තොට, වත්තල හා හලාවතද වැදගත් වරායන් බවට පත්වීය. 15 වන ශත වර්ශයේ බේරුවල අරාබි මුස්ලිම් වරු වැඩියෙන්ම භාවිතා කළ වරායක් වූ අතර ඔවුන් එහි පදිංචිද වූහ.
දඹදෙනි අස්න අනුව හලාවත 11-12 ශත වර්ෂවල හලාවත වරාය චෝල වරුන් පැමිණි වරාය විය. මේ අතර නිකාය සංග්‍රහය අනුව 14 වන ශත වර්ශයේදී ආර්ය චක්‍රවර්තීන්ට කොළඹ, වත්තල , මීගමුව හා හලාවත කඳවුරු තිබුණු බව කියැවේ.

