මිශ්‍ර ආර්ථික ක්‍රමයක් පවතින ශ්‍රී ලංකාව මූලික වශයෙන් කෘෂිකාර්මික රටකි.
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ශ්‍රී ලංකාවාසීහු වී ගොවිතැන ඇතුළු ධාන්‍ය භෝග වගාවෙන් හා එනසල් කුරුදු ගම්මිරිස් වැනි සුළු අපනයන බෝග වගාවෙන් ද සිය ආර්ථිකය ශක්‌තිමත් කරගන්නා අතර සතුන් ඇති කිරීමෙන් ද වැඩි ආර්ථික වාසියක් ලබා ගනී.
ප්‍රධාන අපනයන බෝග වශයෙන් තේ, රබර්, පොල් වගා කෙරේ. කුරුදු, එනසල්, ගම්මිරිස් ආදී සුළු අපනයන බෝග වගාවෙන් ද විදේශ විනිමය රැස් කෙරේ.
දේශීය ආදායම් තත්ත්වය ඉහළ නැංවීමේ අදහසින් මෑත කාලයේ සිට ක්‍රියාත්මක කෙරෙන මෝටර් රථ හා පරිගණක මෘදුකාංග ආදී තාක්‌ෂණික මෙවලම් ද බෙහෙවි. කර්මාන්ත ඇතිකරමින් කෙරෙන කාර්මික සංවර්ධන තුළින් අත්කම් භාණ්‌ඩ හා හම් භාණ්‌ඩ නිෂ්පාදනයෙන් ද, සංචාරක ව්‍යාපාරය දියුණු කරවමින් ද දේශීය ආර්ථිකය දියුණු තලයකට පත් කෙරේ.
මුතු, මැණික්, මිණිරන් හා රත්‍රං වැනි රට තුළ ඇති සවභාවික සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ද විදේශ විනිමය දේශීය ආර්ථිකයට එකතු කර ගන්නා අතර, රෙදි පිළි හා නිමි ඇදුම් අපනයනය කිරීමෙන් ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කරගනී.