භාෂා, ආගම් සහ ජන විකාශනය
 


ශ්‍රී ලංකාව බහු වාර්ගික හා බහු ආගමික රටකි. නමුත් චිරාත් කාලයක සිට පැවත එන ජනවර්ගයන්ගෙන් බහුතරයක්‌ සිංහල වන බැවින් රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වශයෙන් පිළිගැනේ. එසේ නමුත් දමිළ භාෂාවට නිසි පිළිගැනීමක්‌ වේ. ඉංග්‍රීසි භාෂාව දෙවැනි භාෂාව ලෙස භාවිත කෙරේ.
ප්‍රධාන වශයෙන් මෙම භාෂා ත්‍රිත්වයම ව්‍යවස්‌ථානුකුලව සමතැන් ගනී. ලාංකික සියලු දෙනාටම තමන් කැමති භාෂාවක්‌ කතාකිරීමට හා එයින් කටයුතු කිරීමේ අයිතිය ඇති අතර රාජ්‍ය අනුග්‍රහය ද ලැබේ.

ඒ හා සමානව ආගමික නිදහස ද නීතිගත කොට තිබේ. මූලික වශයෙන් බෞද්ධ, හින්දු, ඉස්‌ලාම් සහ ක්‍රිස්‌තියානි ආගම් ලංකාවාසීන්ගේ ඇදහීමට පාත්‍ර වී ඇති ආගම් ය.

බහුතර සිංහල ජනයා බෞද්ධාගම අදහති. දමිළ ජනයා හින්දු ආගම ද, මුස්‌ලිම් ජනයා ඉස්‌ලාම් ආගම ද, බර්ගර් හා මැලේ ජනයා ක්‍රිස්‌තියානි ආගම ද අදහති. ඒ එසේ වුවත් වාර්ගික භේදයකින් තොරව තමන්ට කැමති ආගමක්‌ ඇදහීමේ හා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සියලු ජනවර්ගයන් ට නීතියෙන් අවසර ලැබේ. සියලු භාෂාවන්ට මෙන්ම සියලු ආගම් වලට ද රාජ්‍ය අනුග්‍රහය සමානව ලැබේ.

                                        

 

                                                   ජන විකාශනය 




ජන වර්ග කිහිපයක්‌ ම වාසය කරන ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය මිලියන 18.5 කි. කෝටියකට ආසන්න මෙම ජනගහණයෙන් 74% ක්‌ සිංහල වෙති. ශ්‍රී ලාංකික දෙමළ ජනයා 12.6% කි. ඉන්දියානු දෙමළ ජාතිකයින් 5.5% කි. 7.1% ක්‌ මුස්‌ලිම් වෙති. බර්ගර් සහ මැලේ ජාතිකයන් ඇතුළුව වෙනත් ජාතීහු 7.9% ක්‌ පමණ වෙති.


74% ක්‌ වන සිංහල ජනවර්ගය ශ්‍රී ලංකාවේ වාසය කරන ප්‍රධාන ජනවර්ගය වේ. ඔවුහු ශ්‍රී ලංකාවේ බස්‌නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද හා ඌව පළාත් වල වැඩි වශයෙන් ව්‍යාප්තව සිටිති. 1981 ජනසංයුතිය අනුව මෙම ජනසංඛ්‍යාවෙන් 82% ක්‌ ග්‍රාමීය පෙදෙස්‌ තුළත්, 18.0% නාගරික ප්‍රදේශවලත් වාසය කරති. මොවුන්ගේ මවු භාෂාව සිංහල වන අතර 69.3% ක්‌ පමණ බෞද්ධ ආගම අදහති.


රටේ ජනගහණයෙන් 12.6% ක්‌ වන ලංකා දෙමළ ජනවර්ගය ප්‍රධාන වශයෙන් උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ වාසය කරති. මොවුන් දෙමළ භාෂාව කතා කරන අතර 15.5% ක්‌ පමණ හින්දු භක්‌තිකයෝ වෙති. 5.5% ක්‌ වන ඉන්දීය දෙමළ ජනවර්ගය බ්‍රිතාන්‍ය පාලන යුගයේ දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගත් වතු ශ්‍රමිකයන්ගෙන් පැවත එන්නෝ වෙති. දෙමළ දෙමළ භාෂාව කතා කරන මොවුන්ගෙන් බහුතරය හින්දු භක්‌තිකයෝ වන අතර වැඩි කොටසක්‌ මධ්‍යම කදුකරයේ ජීවත් වෙති.


ජනසංඛ්‍යාවෙන් 7.1% ක්‌ වන මුස්‌ලිම් ජනතාව අරාබි වෙළදුන්ගෙන් පැවත එන්නෝය. වැඩි වශයෙන් ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව, ත්‍රිකුණාමලය හා අම්පාර දිස්‌ත්‍රික්‌ක වල ජීවත් වන මොවුහු දෙමළ භාෂාව මෙන් ම සිංහල භාෂාව ද කතා කරන අතර ඉස්‌ලාම් ආගම අදහන්නෝ වෙති. බර්ගර් සහ මැලේ ඇතුළු වෙනත් ජාතීන් බහුතරය නඟරබඳ ජීවත්වන වන අතර ඔවුන්ගෙන් වැඩි සංඛ්‍යාවක්‌ ඉංග්‍රීසි භාෂාව කතා කරන අතර, ක්‍රිස්‌තු භක්‌තිකයෝ වෙති.






(c) Shilpa Sayura Foundation 2006-2017