සෞරග්‍රහ මණ්ඩලය හැඳින්වීම
 

වඩා විමසිලිමත්ව ඔබ අහස නිරීක්ෂණයෙහි යෙදුනහොත් එම ආකාශ වස්තූන් ගෙන් සමහරක් දිදුලන බව දැකිය හැකිවේ. සමහර ආකාශ වස්තූන් හි එවෑනි දිදුලන ස්වභාවයක් නොමැත. ඒවායේ ඇත්තේ එකාකාරී ආලෝකයක් පමණකි.









 
මේවා අතරින් දිදුලන ස්වභාවයකින් පවතින ආකශ වස්තූන් වන්නේ තාරකාය.
තාරකාවලට තමාගේම ආලෝකයක් හා තාපයක් නිකූත්කිරීමේ ශක්තියක් ඇත.
තාරකා රාශියක් අහසේ පැතිරී ඇති ආකාරය ඔබට දැක ගත හැකි වේ.
සූර්යයා එවන් තාරකාවකි.

 








ග්‍රහ වස්තුවකට තමාගේ ආලෝකය නිකුත් කිරිමට හැකියාවක් නොමැත. ඔවුන් සූරයයයාගෙන් හෝ තාරකාවලින් ලැබෙන ආලෝකය පරාවරථනය කරති. එමනිසා ඔවුන් අපට පෙනේ.

හඳ හා පෘතුවිය ග්‍රහ වස්තුය. ඔවුන් සූර්යයාගෙන් ආලෝකය ලබා පරාවර්ථනය කරයි.







සූර්යයා ප්‍රමූඛ ග්‍රහලෝක අටක්ද, සෙරස් හා ප්ලූටෝ නම් කුඩා ග්‍රහ වස්තුද (dwarf planet), උල්කාපාතයක් සෞරග්‍රහ මණඩලයේ ඇත. ඔවුන් සෞරග්‍රහ මණඩලයේ මධ්‍යයේ පිහිටි සූර්යයා වටා භ්‍රමණය වෙති. ඊට අමතරව එහි දස දහස් ගනණක් ක්‍ෂද්‍ර ග්‍රහයන්ද, උල්කාෂ්මද, ධූම කේතු එනම් වල්ගා තාරකාවන්ද,ග්‍රහ දූවිලිද ඇත. (meteoroids, comets, and interplanetary dust)

 



 
මේ වන විට මෙවන් වස්තු 134340 ක් පමණ තිබෙන බවටත් ඒවා හඳුනාගැනීම තව දුරටත් වන බව පැවසේ.

ප්ලුටෝ 2006 වසර වන තුරුම ග්‍රහ ලෝකයක් ලෙස සැලකුණද දැන් එය සැලකෙන්නේ සූර්යයා වටා යන ග්‍රහ වස්තුවක් ලෙස පමණි.

 

සමහර විට මෙවන් වේගයෙන් කඩා වැටෙන ග්‍රහ චස්තු ඔබ දැක ඇති. ඒවා පොළවට වැටුනු විට විශාල ආවාට ඇති කරයි. එහි විශාලත්වය අනුව එය පොලව මත ඇතිකරන බලපෑම තීරණය වේ. පහත පෙනෙන විශාල ආවාටය ඇරිසෝනාවේ දක්නට ඇති අතර, එය ඩයිනෝසිරස් වඳවීමට හේතු වූවා යයි විශ්වාස කෙරේ.

 

 

 

 

 

 

 

 

 අතීතයේ සිට සෞරග්‍රහ මණ්ඩලය ගැන උනන්දු වූ මිනිසා ඒ පිළිබඳව විවිධ පර්යේෂන වල යෙදුනු අතර, විවිධ දේ සොයා ගත්හ. මිනිසා හඳ තරණය කළ අතර, අඟහරු ග්‍රහයා මතට පාත් ෆයින්ඩර් නම් යානයක්ද යවන ලදි.


අප වන් සෞරග්‍රහ මණ්ඩල දස දහස් ගණනක විශ්වයේ පිහිටා ඇති බවත්, ඒවා වල ජීවය පැවතිය හැකි බවද විශ්වාස කෙරේ.

 

අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයින් වන්නේ

1. බුධ
2. සිකූරු
3. පෘථිවිය
4. අඟහරු
5. බ්‍රහස්පති
6. සෙනසුරු
7. යුරේනස්
8. නැප්චූන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 ග්‍රහ වස්තු සූර්යයා වටා යන ගමන් තමා වටාද භ‍්‍රරමණය වේ.  පෘතුවියට සාපේක්‍ෂව ඒවා ආපස්සට යන බවක්ද පෙනේ

(c) Shilpa Sayura Foundation 2006-2017