
වර්ග කිලෝ මීටර් 65,610 ක් වන මෙය ලෝකයේ අනෙකුත් දූපත් හා සසඳන විට මධ්‍යම ප්‍රමාණයේ දූපතකි. විවිධ භු විෂමතාවයෙන් හෙබි අපූරු දූපතක් වන මෙහි උතුරු කෙළවරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙවුන්දර තුඩුව දක්‌වා දිග කිලෝ මීටර් 447 ක් වන අතර පළල ම කොටස බටහිරින් කොළඹ සිට නැගෙනහිරින් සංගමන් කන්ද තුඩුව දක්‌වා වේ. එම දුර ප්‍රමාණය කිලෝමීටර් 219 කි.
ලෝකයේ පැරණිතම භු ස්‌කන්ධයක් වන දකුණු ඉන්දියාවේ ඩෙකැන් සානුවෙන් වෙන් වු කොටසක් වන ශ්‍රී ලංකාවෙහි හුණුගලින් සෑදුණු උතුරේ යාපන අර්ධද්වීපයත්, වයඹ දිග වෙරළත්, නැගෙනහිර වෙරළෙහි තැනින් තැන දක්‌නට ලැබෙන පටු තීරු කිහිපයකුත් හැරණු කොට ප්‍රධාන වශයෙන්ම ස්‌ඵටික පාෂාණ වලින් නිර්මිතය.

මධ්‍යම කදුකරය මුහුදු මට්‌ටමෙන් මීටර් 2,500 ක් තරම් උසකින් පිහිටා තිබේ. එහි ඉහළම මුදුන මීටර් 2524 කි. මෙහි ආරම්භ වන ගංඟා රාශියකි. මහවැලි, කැළණි, වළවේ හා කළු යන ගංඟා එයින් ප්‍රධාන ය. මෙම ප්‍රදේශයේ දක්‌නට ලැබෙන සීඝ්‍ර බෑවුම් ඔස්‌සේ ගංඟා ගලා බැසීම නිසා ආකර්ශණීය දියඇලි බිහිවී ඇත. අභ්‍යන්තර තැනිතලා ඔස්‌සේ ගලා බසින ගංගා ඇළ දොළ හේතු කොටගෙන හා පිහිටීම අනුව මෙහි භුමියේ විශේෂත්වයක් දැකිය හැකිය.
