![]() ලංකාවේ ජාතික වෘක්‌ෂය යි. චිරාත් කාලයක සිට ලංකාවේ වනාන්තර වල වැඩෙන නා ගස විශාල වෘක්‌ෂයකි. මෙය 1986 වර්ෂයේ පෙබරවාරි 26 වනදා ශ්‍රී ලංකාවේ ජාතික වෘක්‌ෂය වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ. |
![]() විල්, පොකුණු ආදි ගලා නොයන ජලයේ පිපෙන මෙම මහනෙල් මල ජාතික පුෂ්පය වශයෙන් නම් කර ප්‍රකාශ කරන ලද්දේ 1986 වර්ෂයේ පෙබරවාරි 26 වැනිදා ය. |
ශ්‍රී ලංකාවේ, ජාතික පක්‌ෂියා වශයෙන් 'වලි කුකුළා' තෝරා ගැනේ. දිගු පෙදි සහිත පාට කිහිපයකින් සමන්විත මෙම පක්‌ෂියා ශ්‍රී ලංකාවේ පක්‌ෂීන් අතර ඉතාමත් පියකරු පක්‌ෂියෙකි. චිරාත් කාලයක සිට ලංකාවේ කැළෑ තුළ බෙහෙවින් ව්‍යාප්තව සිටි මෙම සුන්දර පක්‌ෂියා මෑතක සිට වඳ වී යන සත්ත්ව කුලයට ඇතුළත්ව ඇති බැවින් මොවුන් ශ්‍රී ලංකාවේ සිංහරාජ වැනි රක්‌ෂිත කළෑ තුළ හා අභය භුමි තුළ පමණක් දැනට දැකගත හැකිය. ![]() ඉතා ඉහළින් පියාසර කිරීමට නොහැකි වුවද, නිතර තුරු අතු පතර ගැවසෙන මෙම පක්‌ෂියා නිදා ගැන්මට කැමැත්ත දක්‌වනුයේ ද විශාල ගස් අතු අතරය. බොහෝ විට මෙම පක්‌ෂීන් කැදැල්ල තනනුයේ ද සැගවුණු ස්‌ථානයන්හි ය. |
