ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය
 


  

  ශ්‍රී ලංකාවේ ජාතික ධජය යනු ශී්‍ර ලංකාවේ උරුමය සහ එකසත් භාවයත්, එමෙන්ම මහ ජාතිය හා සුළු ජාතීන් අතර ඇති සබැදියාවත් විදහා පායි.
මෙය ශී්‍ර ලාංකාවේ ජන ප්‍රතිශතය අනුව ශී්‍ර ලංකා රාජ පරම්පරාවේ අවසන් රජු වන ශී්‍ර වික්‍රම රාජසිංහ රජුගේ පූර්ව නිර්මානයකට අනුව වැඩි දියුණු කරන ලද්දකි. එහි මධ්‍යයෙහි දකුණතින් කඩුවක්‌ ගත් සිංහයෙකු ද, කොන් සතරෙහි බෝ පත්‍රද පිහිටා ඇත. 1948 පබරවාරී 4 දින බි්‍රතාන්‍යයෙන් නිදහස ලබන තුරුම පැවතියේ මෙම ශී්‍ර වික්‍රම රාජසිංහ රජු විසින් සකස්‌ කරන ලද ජාතික ධජයයි.

නිදහස්‌ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වන ඩී.ඇස්‌ සේනානායක විසින් පත් කරන ලද කමිටුවකට නව ධජයක්‌ නිර්මාණය කරන ලෙස පවරන ලද අතර එමගින් නිර්මාණය කරන ලද නව ධජය 1950 පෙබරවාරී මස සම්මත කර ගන්නා ලදි.
එහි පෙර පරිදිම සිංහයාගේ සලකුණ ද එමෙන්ම කොන් සතරෙහි බෝ පත් ද පිහිටා ඇත. එමෙන්ම කොල සහ තැඹිලි වර්ණ තිරස්‌ රේඛා දෙකක්‌ ද අලුතින් එක්‌ වුණි. ජාතික ධජයේ පිහිටි සලකුණු වලින් සංකේතවත් වන කරුණු මෙසේය.

සිංහ සලකුණ, සිංහල ජාතිය පිළිබිඹු කරයි.

සිංහයාගේ දකුණතේ ඇති කඩුව දේශයේ අභිමානය පිළිබිඹු කරයි.

සිංහයාගේ වල්ගයෙන් බුදු දහමේ එන ආර්& අෂ්ටාංගික මාර්ගය පිළිබිඹු කරයි.

සිංහයාගේ හිසෙහි රැලි වූ හිසකෙස්‌ ආගමික ළබැදියාව, ප්‍රඥාවන්ත භාවය සහ තැම්පත් භාවය පිළිබිඹු කරයි.

සිංහයාගේ රැවුලෙන් වචන වල ඇති නිර්මල භාවය පිළිබිඹු කරයි.

සිංහයා ගේ කඩුවෙහි හැඩලයෙන් ජලය, ගින්දර, වාතය සහ පෘථිවිය යන කොටස්‌ සංකේතවත් කරයි.

සිංහයාගේ නාසය බුද්ධිමත් භාවය සංකේතවත් කරයි.

තැඹිලි පැහැති තිරස්‌ රේඛාව දමිළ ජාතිය ද, කොළ පැහැති තිරස්‌ රේඛාව මුස්‌ලිම් ජාතිය ද, නියෝජනය කරයි.

ධජය වටයෙහි ඇති කහ පැහැති බෝඩරය අනෙකුත් සියලුම සුළු ජාතීන් නියෝජනය කරයි.

කොන් සතරෙහි පිහිටි බෝ කොල සතරෙන් බුදු දහමේ එන මෙත්තා, මුදිතා, කරුණා සහ උපේක්‌ෂා යන සතර බ්‍රහ්ම විහරණය පිළිබිඹු කරයි.

ධජයේ මෙරුන් පැහැති පසුබිම අනෙකුත් සියලුම ආගම් නියෝජනය කරයි.

මෙසේ නැවත ප්‍රතිනිර්මාණය කරන ලද නව ජාතික ධජය ප්‍රථම වරට ගුවනේ ඔසවනු ලැබුයේ 1950 මාර්තු 3 වන දිනය.

(c) Shilpa Sayura Foundation 2006-2017