ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී ජනරජයක් වන ශ්‍රී ලංකාව නිදහස්, ස්‌වාධීන හා ස්‌වෛරී ජාතියක නිජබිම වෙයි. 1978 වර්ෂයේ දී සංශෝධිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් මධ්‍ය රජයට යටත්ව පූර්ණ පරිපාලන බලය පළාත් සභා වලට හිමිවේ. ව්‍යවස්‌ථාදායක බලය පාර්ලිමේන්තුව සතු වන අතර විධායක බලය ජනාධිපතිවරයාට පැවරී තිබේ.
සමානුපාතික නියෝජන ක්‍රමය තුළින් ජනාධිපතිවයා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයින් හා පළාත් සභා, ප්‍රාදේශිය සභා නියෝජිතයින් තෝරා ගැනේ. පාර්ලිමේන්තුව : රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුව වශයෙන් සැලකේ. ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ උත්තරීතර බලය ඇති එකම ආයතනය ද පාර්ලිමේන්තුව වේ.
විසර්ජන කෙටුම්පත් වාර්ෂිකව සම්මත කිරීම, රටේ පොදු මුදල් පාලනය, පනත් කෙටුම්පත් සම්මත කිරීම, රටේ නීතිය හා සාමය රැකීම, මහජන අවශ්‍යතා ඉටු කිරීම හා නීති පැනවීම, සමහර නීති සංශෝධනය කිරීම ආදී කාර්යයන් කිරීම පාර්ලිමේන්තුව සතු කාර්යයන් අතර වේ. ජනාධිපති : වෘවස්‌ථාදායකය, විධායකය, අධිකරණය වශයෙන් ජනාධිපති කාර්යයන් හා බලතල කොටස් තුනකට බෙදිය හැකිය. ව්‍යවස්‌ථාදායකය : පාර්ලිමේන්තුව කැඳවීම, විවෘත කිරීම, කල් දැමීම හා විසුරුවා හැරීම. -ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම.
අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක දී පාර්ලිමේන්තුවට සහභාගි වීම හා ඇමතීම හා සංදේශ යැවීම ව්‍යවස්‌ථාදායක කටයුතු අතර ජනාධිපතිවරයාගේ වගකීම වේ. විධායකය : කැබිනට් රැස්‌වීම් මෙහෙයවීම, අගමැති ඇතුළු කැබිනට් මණ්‌ඩලය පත්කිරීම, අමාත්‍යාංශ පිරිනැමීම, ඇමති මණ්‌ඩල සංශෝධන, නියෝජ්‍ය ඇමතිවරු පත්කිරීම හා යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම යනාදිය ප්‍රධාන වේ. අධිකරණය : අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු විනිශ්චයකාරවරු පත් කිරීම, අභියාචනාධිකරණ විනිශ්චය කරුවන් පත් කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාව පත් කිරීම, අධිකරණයෙන් ලැබුණු ඳඬුවම් ලිහිල් කිරීම හෝ සමාව දී ම, යනාදි ය මූලික වේ.
අනෙකුත් කාර්යන් අතර නම්බු නාම දී ම, රාජ්‍ය උත්සවවල මුලසුන දැරීම, විදේශ අමුත්තන් පිළිගැනීම, ජාත්‍යන්තර රැස්‌වීම් නියෝජනය කිරීම ද, සංස්‌ථා, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලවල උසස් නිලධාරීන් පත්කිරීම, අමාත්‍යාංශ ලේකම් වරුන් පත්කිරීම, තානාපතිවරු, මහ කොමසාරිස්‌වරු පත්කිරීම, ත්‍රිවිධ හමුදාවට නියෝග දීම හා ත්‍රිවිධ හමුදාපතිවරු පත් කිරීම, පොලිස්‌පති පත්කිරීම, විශ්ව විද්‍යාලවල කුලපතිවරු හා උපකුලපතිවරු පත් කිරීම, පළාත් ආණ්‌ඩුකාරවරු පත්කිරීම, නීතිපති පත් කිරීම ආදී රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලය විසින් කරනු ලබන කාර්යයන් ය.