ඩීසල් ඉන්ධන පෙරහන
  පොෂණ පොම්පයෙන් සපයන ඉන්ධන, පෙරහන තුළින් පවිත්‍ර කර ඉන්ධන විදුම් පොම්පයට ලබා දෙයි. බොහෝ ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධතිවල ප්‍රාථමික හා ද්විතීයික වශයෙන් හඳුන්වන පෙරහන් දෙකක් භාවිත කෙරෙයි.

ඉන්ධන පෙරහන මගින් සිදු වන්නේ ඉන්ධනවල පවතින අපද්‍රව්‍ය කොටස් රඳවා ගනිමින් ඩීසල් පිරිසිදු කිරීමයි. පිරිසිදු කළ ඩීසල් ඉන්ධන පිටවුම් කවුළුවෙන් ඉන්ධන විදුම් පොම්පය වෙත නළ මාර්ග ඔස්සේ සැපයේ. පෙරහන තුළින් ඉන්ධන පෙරීමේ දී අංශුමය අපද්‍රව්‍ය ද, ජල අංශු ද ඉන්ධනයෙන් ඉවත් කෙරේ. අංශුමය අපද්‍රව්‍ය පෙරහන් කඩදාසි මඟින් රඳවා ගන්නා අතර, ජල අංශු පෙරහන තුළින් ගමන් කරන විට ආරෝපණය වී විශාල ජල බිංදු බවට පත් වේ. එම ජල බින්දු ඝනත්වයෙන් වැඩි නිසා ඉන්ධනයෙන් වෙන් වී පෙරහනේ පහළ කොටසේ රැඳේ.

(c) Shilpa Sayura Foundation 2006-2017