ශ්‍රී ගනේෂාචාර්ය නම් ඉන්දීය ගෘහ නිර්මාණ කරුවෙකු විසින් දකුණු ඉන්දීය පල්ලව සම්ප්‍රදායට ගලෙන් ඉදිකල මේ විහාරය තනවන ලද්දේ 4 වන බුවනෙකබාහු රජුගේ කාලයේදීය.
තුන් මහලකට තැනූ විහාර ගෙයද, එහි ඇති ශිව රූපය, නටරාජා රූපය සහ සඳකඩ පහණද, ගජසිංහ රූපයද, ඇතුන්ද අගනා නිර්මාණ වේ. තවද මෙම විහාරය තනි ගලක් කපා ඒමත ඒ ගල් කුට්ටිම භාවිතා කර සාදා ඇති බව පෙනී යයි.






