ජෝර්ජ් කීට් වසර දෙදහසකට වඩා ඈත අතීතයකට උරුමකම් කියන අපේ චිත්‍ර සම්ප්‍රදාය හා යුග යුග ගණන් පැරණි භාරතීය චිත්‍ර සම්ප්‍රදායේ උත්තුංග ලක්‌ෂණ බුද්ධිගෝචර අයුරින් උකහාගෙන 20 වන සියවසයේ විශ්ව කීර්තියක් හා සංකලනය කරමින් තෙලිතුඩ මෙහෙයවා නව චිත්‍ර කලාවක් ලොවට දායාද කරමින් තමාට ආවේනික, ආදීන, අනන්‍යතාවයක් ගොඩනගා ගත් සිත්තරෙකි.
හෙතෙම පිකාසෝ වැනි ශේ්‍රෂ්ඨ චිත්‍ර ශිල්පින්ගේ චිත්‍ර ඇතුළත් එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය වැනි රටවල චිත්‍ර්‍ර කෞතුකාගාරයන්හි චිත්‍ර එකතුවට චිත්‍ර ඇතුළත් කිරීමට සමත් වු දේශ දේශාන්තරයන්හි සුපතල කීර්තිමත් චිත්‍ර ශිල්පියෙකි.
ඉන්දීය බර්ගර් පරපුරට හිමිකම් කියූ මේ සිත්තරා මහනුවර සෙංකඩගල නිජබිම කොට උපත ලද්දේය. බර්ගර් පවුල් පසුබිමක උපත ලැබුවද මහනුවර මල්වතු මහා විහාරයේ ඇසුර, බෞද්ධ ගැමි පරිසරය ආදිය හේතු කොට ගෙන බාලවියේ සිටම බෞද්ධ දර්ශනය කෙරේ නැඹුරු විය. තරුණ වියට එළඹෙත්ම බෞද්ධ සංස්‌කෘතික ලක්‌ෂණ විචාරශිලිව හදාරන්නට විය. අධ්‍යයනය කරන්නට විය. ඒ අනුව කටයුතු කරන්නට විය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද මෙතුමා ඉංග්‍රිසි හා සංස්‌කෘත කාව්‍යය ආභාෂය මෙන්ම හින්දු හා ග්‍රීක සංකල්ප කෙරේද නැඹුරු විය. සංස්‌කෘත භාෂාව මැනවින් අධ්‍යයනය කළේය. ඒ පරිචය තුළින් ජයදේවයන්ගේ ගීත ගෝවින්දය ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. කව් සිඵමිණ, මුවදෙව්දාවත වැනි සම්භාව්‍යය ග්‍රන්ථ ඉංග්‍රීසියට පරිවර්තනය කළේය.
මෙම චිත්‍ර මන බඳියි. ජීවමාන ශෛලියකින් යුක්‌තයි. චිත්‍ර කෙරෙන් මතුවන චරිත වල ගති ලක්‌ෂණ පිළිබිඹු කිරීමට රමණීය වර්ණ මාලාවක් භාවිතා කරයි. රිද්මයානුකුල රේඛා හැසරවීමක යෙදෙයි. ස්‌භාවික නොවු සරල කරන ලද හැඩතල හා පසුතල යොදයි. මානව රූපයන්හි නාසය හා නළල එකම සරළ රේඛාවකින් ඉදිරිපත් කරයි. ස්‌ත්‍රී රූපයන්හි නිතඹ, දෙතොල්, පයෝධර, අඩවන් දිගු නෙත් ඉස්‌මතු කොට පෙන්වීමට ප්‍රාණ පුර්ණ රේඛා උපයෝගී කොට ගනියි.
කීට් ගේ චිත්‍ර කලා සම්ප්‍රදාය සීගිරිය, තිවංක පිළිම ගෙයි සිතුවම් ඉන්දියාවේ අජන්තා, භාග්, එල්ලෝරා, කජුරුවෝ කෝනාරත්හි හින්දු, ග්‍රීක සංකලන මූර්තීන්ගේ ආභාෂය ශික්‌ෂණය බලපානු දැකිය හැකිය. ජෝර්ජ් කීට් ගේ චිත්‍රමය ආකෘතිය ප්‍රංශ ජාතික එඩ්ගා ඩොගාවේ (1834-1917) මිනිස් රූප සිහිගන්වන බව විචාරකයන්ගේ මතය වේ. කිසියම් විශේෂ සිදුවීමකට ඉතා ආදරණීය ලෙසද මෘදු ලෙසද අවධාරනය යොමුකරන ජෝර්ජ් කීට් චිත්‍රවල ලක්‌ෂණ පැබ්ලෝ පිකාසෝගේ, හා පියෝරිජ් හා බ්‍රාග් චිත්‍ර සම්ප්‍රදායන් සිහිගන්වනු ලබන බව ඇතැම් විචාරකයන්ගේ මතය වේ.
රෙදි හැට්‌ට ඇදි ගැහැණිය මෙතුමාගේ ප්‍රථම දිය සායම් කෘතිය වේ. සස ජාතකය පැස්‌ටල් සිතුවමකි. 1927 දා, 28 දී කැන්වනයෙහි අදිනු ලැබු නග්නරුව හා අම්බලම බටහිර ඌරුවට නෑකම් කියයි. විහාර මහා දේවිය (1930) රෙදි පෙරවු නග්න කාන්තාවෝ, බුත්සරණ මල්, සංඝරාජ පිරිවෙන මෙතුමාගේ චිත්‍ර අතර වෙසෙසින් සදහන් කල යුතු වේ. 1950 දී මාර්ට් රසල්ගේ මුද්‍රිත සිතියම් පොතට මෙතුමාගේ චිත්‍ර 101 ක් යොදා ගැනේ.
ජෝර්ජ් කීට් සිත්තරාගේ චිත්‍ර සම්ප්‍රදායේ අග්‍ර ඵලය එතුමා විසින් අදින ලද ආධ්‍යාත්මික හා කලාත්මක ගුණයෙන් අනූන ලෝක පූජිත සිතුවම් සමුහයකින් සුසැදි බොරුල්ලේ ගෝතමී විහාරයයි. 1938-41 අතර කාලයේ නිම කරන ලද මෙම චිත්‍ර ශෛලිය හැඩගැසුනේ ගල් කැටයමි නිම වුණු පොළොන්නරු ප්‍රතිමාවන්හි රිද්මයේත් අජන්තා හා මෝගල් චිත්‍ර වල වර්ණ සංගතීන්ගෙන් ලත් නිර්මාණාත්මක අභාෂයෙනි. මේ සදහා කිසිදු අය කිරීමක් නොකළ අප සිත්තරා එම කාර්යයේ යෙදුනේ නිශ්සරණ දේශයෙනි.
විහාරයේ පිට මාලයේ සම්පූර්ණ බිත්තිය බුදු සිරිතේ විවිධ අවස්‌ථා නිරූපණය සදහා භාවිතා කරයි. දේවාරාධනයෙන් ඇරැඹෙන මෙකී සිතුවම් පෙළ මහාමයා දේවියගේ සිහිනය දා, සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය දා, වප් මගුල, සිදුහත් කුමරුගේ ශිල්ප දැකිවීම දා, අභිෂේක මංගල්‍යය දා, නාට්‍යාංගනාවගේ විප්‍රකාර දා, ගිහිගෙය කල කිරීම දා, සතර පෙර නිමිති දා, මහා අභිනිෂ්ක්‍රමණය දා, නේරංජනාවෙන් එතෙර වීම දා, පැවිදිවීම දා, මාර යුද්ධය දා, දම්සක් දෙසීම දා, කිඹුල්වතට වැඩීම දා, පරිනිර්වාණය යනාදී බුදු සිරිතේ සියලුම නළගණන්ගේ විප්‍රකාර දැක්‌වෙන සිතුවමෙහි කාන්තාවන්ගේ නාරිලාලිත්‍යය මතුකර ඇති ආකාරය මනහරය. ගිහිගෙය හැරයාමේ සිත්තමෙහි අශ්වයාගේ වේගය පෙන්වා දීම සදහා යොදා ගත් ශිල්ප ක්‍රමය වන්නේ වලිගයට කෙටි රේඛා බොහෝ ගණනක් ළං ළංව යෙදීමයි. මාර පරාජයේදී මාරයන්ගේ මුහුණු හැගීම් දනවන සුලුය. මීට අමතරව මෙකී විහාර මන්දිරියේ දක්‌ෂිණ පථයේ ඇතුලු බිත්ති පුරා ඇදි විසල් සිතුවම් තුනකි.
මෙම චිත්‍රාවිය පුරාම මනස්‌කාන්ත වර්ණ මාලාවකි. වේගවත් රිද්මයානුකූල සප්‍රමාණික රේඛාවන් හා හැඩතල සංරචකයකි. යුග යුග ගණන් හෙළ කලාවේ උපයුක්‌ත රෙඛාවේහි ප්‍රබලත්වය හා මාධුර්ය මෙම චිත්‍රවලිය තුළින් මතුකර දක්‌වයි. සුදු වර්ණාලේපිත සැකැසූ බිතුමත දුඹුරු වර්ණ රේඛාවෙන් දළ සටහන යොදා ඇත. ඉන් අනතුරුව වර්ණ පුරවනු ලබයි.
සිද්ධීන් නිරූපිත මේ චිත්‍ර එක එක හුදකලා නොකොට ඊළග චිත්‍රයට සම්බන්ධ වන සේ සියලුම සිද්ධින් ගලායන ආකාරයෙන් ඉදිරිපත් කරයි. චිත්‍රමාලාවේ සමස්‌ථ සම්බන්ධතාවය ගොඩනැගීමට, ඒකාබද්ධතාවය රැක ගැනීමට ජෝර්ජ් කීට් සිත්තරා සමත් වෙයි. ගස්‌වැල් වලින් අවස්‌ථා වෙන් කරනු ලබයි.
මේ චිත්‍රවල එන කාන්තා රූ සපුවෙහි හැඩතල අග පසග පිටතට නෙරාගිය ආකාරය අජන්තා එල්ලෝරාහි කාන්තා රූ සිහිගන්වයි. රූබර ලලනායන්ගේ නිතඹ, පයෝදර, වත, නුවන්, දෙතොල් ඉස්‌මතු කොට දැක්‌වමට ත්‍රිමාන ලක්‌ෂණ ඉදිරිපත් කිරීම ඒ සදහා සුදුසු ප්‍රාණවත් රේඛා මගින් හා පැතලි වර්ණ යෙදීම තුලින් කරවීම මෙහි සුවිශේෂිත්වයයි.
මෙකී චිත්‍ර සදහා අප සිත්තරා යොදා ගත් වර්ණ අතර රතු, දුඹුරු, ලා නිල්, අදුර කහ, කොළ, සුදු වර්ණ ප්‍රධාන තැනක් ගනී. අවස්‌ථා නිරූපණය, භාවික ගුණය හා නිර්මාණාත්මක සම්පින්ඩනය මේ චිත්‍ර වල සමස්‌ත අගයක් සේ මතුව සිටියි.
ගෝතමී චිත්‍ර වල දැකිය හැකි තවත් ලක්‌ෂණයක් නම් එහි එන මිනිස් රූප ජීව ප්‍රමාණයට වඩා විශාල ලෙසින් හෝ ඊට ආසන්න ප්‍රමාණයෙන් නිරූපණය කර තිබීමයි. පැරැණි බෞද්ධ චිත්‍ර ශිල්පියා බුදු සිරිත සිතුවම් කළේ ඇස් මට්‌ටමෙන් උඩ වුවද කීට් එම සම්මතයට පිටු පෑවේය. එතුමා චිත්‍ර ඇස් මට්‌ටමට පහතින් චිත්‍රණය කළේය.
භාරතීය ලේඛක මුල්ක්‌රාජ් ආනන්ද් කීට් පිළිබදවත් එතුමාගේ සිත්සම් පිළිබදවත් මෙවන් සටහනක් තබයි. "...1945 දී මම කීට් සොයා ලංකාවට ගියෙමි. මේ චිත්‍ර ශිල්පියා කොළඹ අතහැර මහනුවර ගොස් ඇත යන ආරංචිය ඉන්දියාවේ ද පැතිර තිබුණි. ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගො`වින්දය ඉංග්‍රීසියට පෙරලීමෙන් අනතුරුව කීට් භාරතීයන් අතර කතා බහට ලක්‌වන නමක් වී තිබුණි. කඑ පාට හා රඹවන් රතුපාට කවලන් වු ප්‍රහර්ෂ ජනක විවිධ දුඹුරු හා කොළ පැහැයෙන් අදිනු ලැබූ සිත්තම් පුරා මගේ නෙත් සැරි සැරුවේ ය. කැන්වස් සිතුවම් රැසක් කාමරය පුරා විය.
ජෝර්ජ් කීට් තම දර්ශනය කෙරෙන් ඔවුන්ගේ සුන්දරත්වයේ හරය පෙරාගෙන ඇති සෙයක් මට හැගුණි. ඔහු ඒ දර්ශනය මගින් තම සිත්තම මෙහෙය වුයේ ආලේඛ්‍ය චිත්‍රයක් ගොඩනැගීම සදහාම නොවේ. සිතත්ම් කළ සෑම ගැහැණියකගේම ආත්ම සිත් තුළට හසුවෙන පරිද්දෙනි.
ජෝර්ජ් කීට් සිත්තරාගේ සිත්තර එතුමා විශ්ව මිනිසෙකු බවට පත් කළේය. බ්‍රිතාන්‍යයේ ඇල්බට් චිත්‍ර කෞතුකාගාරයෙත්, ප්‍රංශයේ හා ඇමරිකාවේ චිත්‍රාගාරවලත් ස්‌ථීර සිතුවම් එකතුන්ට එක් කර ඇත. බොහොමයක් කලාකරුවාණන් ජගත් මට්‌ටමට පිවිසීමට හුදෙක් බටහිර අනුකරණ ගුරුකොට ගත යුතු යැයි සිතයි. එහෙත් ජෝර්ජ් කීට් කලාකරුවාගේ නිර්මාණ චාරිකාවෙන් පෙනී යන එක් දෙයක් නම් අපේ සම්ප්‍රදායික කලාව තුළින් අගනා කලා සම්ප්‍රදායන් බිහි කල හැකි අතර එය ජගත් තලයටද නැංවීම අපහසු කරුණක් නොවන බවයි.
පේරාදෙණිය සරසවිය ජෝර්ජ් කීට් සිත්තරාට ආචාර්යය උපාධියකින් පුදනු ලැබුවේත් ශ්‍රී ලංකා ජනරජය 'කලා කීර්ති' ගෞරව නාමය ප්‍රදාවය කළේත් මේ සිත්තරා චිත්‍ර කලාවට කරන ලද මා හැගි සේවාව අගය කිරීමක් වශයෙනි.
මේ විශ්ව කිර්තියට පත් සිත්තරා, විශ්ව පුරවැසියාණන් අපටම අනන්‍ය වු සිතුවම් කලාවක් බිහිකළ අද්වතීය කලාකරුවා 1993 ජූලි මස 31 වන දින සිය අවසන් සුසුම් පොද වාතලයට එක් කරුණු ලැබීය.