ඇම්. සාර්ලිස්‌
 

1815 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය අප රට ගොදුරු කර ගැනීමෙන් අනතුරුව, අපට නැති වූයේ පුරා අවුරුදු 2359 ක්‌ නිදහසේ භුක්‌ති විඳි ජාතික නිදහස පමණක්‌ නොවෙ. මෙකල සකල විධි කලාවක්‌ද පරිහානියට පත්විය. චිත්‍ර කලාවට ද අත් වූයේ ඒ ඉරණමම ය. මෙවන් අවධියක යුරෝපීය චිත්‍රකලාවේ ආභාශය ලබා බෞද්ධ ප්‍රබෝධයට සාපේක්‌ෂව යළිදු වෙහෙර විහාරවල බිතු සිතුවම් වල පරිවර්ථනයක්‌ ඇති කළ බෞද්ධ සිතුවම් කලාවට නව පණක්‌ දුන් ආකෘතිය කළ සිය ජීවිත කාලයම සිතුවම් කලාව වෙනුවෙන් කැපකළ එක්‌ සුවිශේෂ සිත්තම් කරුවෙකුවේ. ඒ ඇම්. සාර්ලිස්‌ සිත්තරාය.


එදා පැල්පතේ සිට මහ මැදුර දක්‌වා වූ බෞද්ධ නිවසකට ගොඩ වැදෙත්ම බුදු සිරිතේ සුවිශේෂ අවස්‌ථා විදහා දැක්‌වෙන බොදු බැතියෙන් සිත පිරි ඉතිරී යන විශාල ප්‍රමාණයේ පින්තුර වසා සිටිනු දැකිය හැකිය. ඒ සිත්තම් අදිනු ලද්දේ කවර නම් සිත්තරෙකු විසින්ද? ඒ සිතුවම් අදින ලද්දේ ඇම්. සිර්ලිස්‌ සිත්තරාය. කලා කරුවාය. බටහිර චිත්‍ර අනුගමනය කොට පර්යාව ලෝකනය ගැන සැලකිලිමත් වීම දීප්තිමත් වර්ණ යෙදීම සම්ප්‍රදායික සැරසිලි රටා හා ඇදුමි පැළදුම් අලංකාරව දැක්‌වීම මෙම චිත්‍ර වල දැකිය හැකි සුවිශේෂි ලක්‌ෂණ වේ.


සාර්ලිස්‌ සිත්තරා විසින් කොළඹ මෙන්ම පිට පළාත් වල ප්‍රධාන පෙළේ විහාරස්‌ථාන රැසක්‌ හැඩ ගන්වන ලදි. එසේ එතුමා සිතුවම් හා මුර්ති කරණ ලද වෙහෙර විහාර අතර අනුරාධපුරේ උඩමලුවේ බෝධිඝර විහාරය තිබිරිගස්‌යායේ අශෝකාරාමය දෙමටගොඩ වේලුවන විහාරය, ඉසිපතනාරාමය, මාලිගාකන්ද විහාරය, තම්මිට බෝධිමලු විහාරය, යාලේගම විහාරය, මහනුවර කටුකැලේ විහාරය මේ අතර වෙසෙසින් සදහන් කල යුතු වෙහෙර විහාර වේ. මාතර වේරහේනේ අසු අටරියන් බුදු පිළිමයද සාර්ලිස්‌ සිත්තරා අතින් ඉදිවු දැවැන්ත නිර්මාණයකි.



අධිරාජ්‍යවාදීන් පාලනය කළ ඒ යුගය බෞද්ධ චින්තනය මුලු වැදුනු යුගයක්‌ විය. බෞද්ධ පින්තුරයක්‌ පවා සොයා ගැනීම උගහට කරුණක්‌ විය. හෙන්රි ස්‌ටිල් ඕල්කට්‌ තුමා, අනගාරික ධර්මපාල තුමා, බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්‌චන්ද්‍ර තුමා වැන්නන් ගේ නායකත්වයෙන් පැන නැගුනු බෞද්ධ පුනරුද ව්‍යාපාරය නිසා මේ තත්වයෙන් දැඩි වෙහෙසකට භාජනය වනු දැකිය හැකිය. සාර්ලිස්‌ සිත්තරා තෙලිතුඩ අතට ගත්තේ මෙවන් අවධියක ය. තෙළිතුඩ මෙහෙය වූයේ බෞද්ධ හැගීම් පුබුදු වන පිළිඹිඹු වන අයුරිනි. ඒ හේතු කොට ගෙන මෙතෙක්‌ රජ පවුලේ ජායා රූප එළිසබත් රුජිණගේ පින්තුර බටහිර භුමි දර්ශන ඉවත් වී ඒ ඒ තැන්වල මෙම බෞද්ධ පිත්තුර එල්ලෙනු දැකිය හැකි විය.

නියත විවරණය මහාමායා දේවිය දුටු සිහියන සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුහත් විවාහ මංගල්‍යය අභිනිෂ්ක්‍රමණය සුජාතාවගේ කිරිපිඩු දානය ආදී වශයෙන් ගැනෙන බුදු සිරිතේ සුවිශේෂී අවස්‌ථාවන් සාර්ලිස්‌ සිත්තරාණන් අතින් සිතුවමට නැගුණි. මීට අමතරව සීවලී මහ රහතන් වහන්සේ ගේ චිත්‍රය ද බෙහවින් ජනප්‍රිය විය. නිරන්තරයෙන් ලැබූ භික්‌ෂුන් වහන්සේලාගේ ඇසුර බුදු සිරිත් බෞද්ධ දර්ශණය පිළිබද වු පුළුල් දැනුම සාර්ලිස්‌ සිත්තරාට මේ අයුරින් බොදු සිතුවම් එළි දැකීමට ඉවහල් විය.



 සාර්ලිස්‌ සිත්තරාගේ සිතුවම් නව රැල්ලක්‌ සේ නැගී දිවයින පුරා ජනප්‍රිය වන්නට විය. අප සිත්තරා වෙහෙරක බිතු සිතුවම් ඇද නිමකල පසු එම සිතුවන් බැලීමට බැතිමතුන් බස්‌ වලින් පැමිණියේ වන්දනාවේ යන අයුරිනි. මේ නිසා බොහෝ විහාරාධිපතින් වහන්සේලා සාර්ලිස්‌ කලා කරුවා ලවා සිත්තම් ඇඳවීමට පෙළඹුණි. 


බෞද්ධ ගෙවල බිත්තිවල රාමුකර එල්ලන ලද මෙම සිතුවම් පෙළ ප්‍රථම වරට අලෙවි කරණ ලද්දේ අම්බලන්ගොඩ අවට ප්‍රදේශවලය. සුප්‍රකට දානපතියෙකු වු විලියම් ප්‍රේදිස්‌ ශ්‍රීමතාණන් විසින් මෙම පින්තුර ජර්මනයේ මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කිරීමෙන් පසු මෙරට පමණක්‌ නොව සමස්‌ත ලෝකවාසී ජනතාව අතරට ඒවා පත් විය.

මේ වන විට ටවර්හෝල් නාට්‍ය ජනප්‍රිය වෙමින් තිබුණි. බොහොමයක්‌ ටවර් හෝල් නාට්‍ය සඳහා වස්‌තු වූයේද බුද්ධාගම සම්බන්ධ කතා
වස්‌තුන්ය. බෞද්ධ පුනරුදයත් සමග තිර හා වේදිකා සැරසිලි ආදිය සඳහා බෞද්ධ චිත්‍ර ද වැඩි වශයෙන් යොදා ගනු දැකිය හැකිය. ඒහෙයින් චිත්‍ර කර්මාන්තය කෙරේ ද වැඩි අවධානයක්‌ යොමු වීම නිසා සාර්ලිස්‌ සිත්තරා ගෙද අතමිට සරුවිය. ඒ හේතු කොට ගෙන කොළඹ පදිංචියට ද ඉඩ කඩ සැලසුණි.

සාර්ලිස්‌ තමන් කරගෙන ගිය මෙහෙවර ඉදිරියට කරගෙන යාම පිණිස විශාල ශිෂ්‍ය පරපුරක්‌ද බිහිකරණු ලැබීය. එම ශිෂ්‍යයන් අතර එතුමාගේ පුත් සුසිල් ප්‍රේමරත්න, ජි.එල්. ගෞතමදාස, හෙන්රි ධර්මසේන, සෝමබන්දු විද්‍යාපති, ජි.එස්‌. ප්‍රනාන්දු වෙසෙසින් සඳහන් කළ යුතුවේ. වරින් වර ලංකාවට පැමිණි විවිධ රටවල චිත්‍ර ශිල්පීන්ගේ ආරාධනා මත එතුමා විදේශ ගත වු අවස්‌ථා බොහෝය. ඒ සෑම අවස්‌ථාවකම පාහේ ඒ ඒ රටවල ජනාදරයට පත් වු මෙතුමා ශ්‍රී ලංකාවට කීර්ති නාමයක්‌ද අත්කර දීමට සමත් විය.


ක්‍රි.ව. 1880 ජූනි මස 25 වැනි දින අම්බලන්ගොඩ ආඳාදොළ නම් සුන්දර ගම්මානයේ සිත්තර පවුලක සාර්ලිස්‌ සිත්තරා උපත ලැබීය. එතුමා මුලික අධ්‍යාපනය ලැබුවේ වැලිතර සරණංකර හිමිපාණන් වෙතිනි. එහිදී සිංහල පාලි සංස්‌කෘත පිළිබඳව මුලික හාෂා දැනුමක්‌ ලත් සාර්ලිස්‌ දරුවා වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද පිරිවෙනට ඇතුලු විය. එහිදී පෙරදිග භාෂා පිළිබද පුලුල් දැනුමක්‌ එතුමාට ලබාගත හැකි විය. බෞද්ධ පොතපත පුළුල් අයුරින් පරිශීලනය කිරීමට අවස්‌ථාවද ලැබුණි.

ඒ අතර සාර්ලිස්‌ කලාකරුවා සිය බාප්පා වෙත චිත්‍ර හා මුර්ති පිළිබදව දැනුම ලබන්නට විය. බාප්පා තමා දත් සියල්ල මේ දරුවාට ඉගැන්වීය. සාර්ලිස්‌ දරුවාද බාප්පා කැවූ සිප්ණැන මැනවින් උගත්තේය. බාප්පා දුන් ඒ දැනුම තව තවත් වර්ධනය කර ගනිමින් සිත්තරයකු වු සාර්ලිස්‌ සිත්තරා චිත්‍ර හා මුර්ති ශිල්පය අතින් සත් සමුදුර පවුරු වළල්ලෙන් එහා පැතිරී යන කීර්ති නාමයක්‌ ඇති සිත්තරයෙකු විය. දේශ දේශාන්තරයේ සුපතල කීර්ති නාමනක්‌ දිනූ මුර්ති ශිල්පියෙකු විය.


ක්‍රි. ව. 1955 නොවැම්බර් මස 21 වන දින සාර්ලිස්‌ කලාකරුවා ජම්මාන්තර ගත විය. මෙරට චිත්‍ර කලා ඉතිහාසය ගැන කතාකරන සෑම මොහොතකම සාර්ලිස්‌ සිත්තරා පිළිබඳව ඔබේ මතකයට නැගුණු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017