රිචඩ් ගේබ්‍රි‍යෙල්
 

ලාංකීය චිත්‍ර කලාවට නුතනවාදී චිත්‍රයේ වර්ණ හා හැඩතල භාෂාවත් ඒ මෙවලන් කීපයකුත් රැගෙන ආවේ හතලිස්‌ තුනේ කණ්‌ඩායමයි. ඒ සමග චිත්‍ර කලාව ආත්ම ප්‍රකාශණයේ මාධ්‍යක්‌ ලෙස හඳුනාගෙන එය ක්‍රියාත්මක කරන්නට ප්‍රබල උත්සහයක නිරත වුයේ හතලිස්‌ තුනේ කණ්‌ඩායමයි. මෙරට "කලාගාර චිත්‍ර කලාව" නම් සම්ප්‍රදායත් මතවාදයත් ඇති කරන්නට හතලිස්‌ තුනේ කණ්‌ඩායම දැරූ උත්සාහය තැන ප්‍රශංසනීයය.


කලා ගුරුවරයෙකු ලෙස මරදානේ සෙන් ජෝශප් විද්‍යාලයේත්, බොරැල්ල ශාන්ත ඇලෝසියස්‌ සෙමනේරියේ, සේවය කරණු ලැබ ඇත. මෙරට ක්‍රිස්‌තියානි චිත්‍ර කලාවට මහගු මෙහෙවරක්‌ කළ මෙතුමාගේ සිත්තම් අතර ස්‌ථිර බිතු සිතුවම්, ලී කැටයම්, දැව ප්‍රතිමා දිවයිනේ කතෝලික දේවස්‌ථාන රැසක ඇත. ශාන්ත තෙසේරා දේවස්‌ථානයේ බිතු සිතුවම්, අම්පිටියේ ජාතික සෙමනේරියේ හා බම්බලපිටියේ ජේසුස්‌ පල්ලියේ දැව මුර්තිය මේ අතර වෙසෙසින් සඳහන් කළ යුතු නිර්මාණ වේ. එතුමා විසින් අවසන් වරට නිම කරණු ලැබුවේ පන්නිපිටියේ ක්‍රිස්‌තු රාජ දේවස්‌ථානයේ බිතු සිතුවම්ය.




රිචඩ් රිචඩ් ග්‍රෙබියල්ගේ සිතුවම්වලට ගමේ ජීවිතය, ශුද්ධ වු බයිබලය වැඩි වශයෙන් වස්‌තු වී ඇත. තෙල් සායම් මාධ්‍යයෙන්ද හුරුබුහුටි කම් පෑ රිචඩ් රිචඩ් ග්‍රෙබියල්ගේ "නිල් අසරුවා" වැනි චිත්‍ර වෙසෙසින් සඳහන් කළ යුතු වේ. ලන්ඩන්හි පළවන ස්‌ටුඩියෝ ජාත්‍යන්තර කලා සගරාව සැකසු විලියම් ග්‍රැහැම් රිචඩ් ගේබ්‍රියල් සිත්තරාණන් හඳුන්වා දෙන්නේ මෙසේය.


 "නුතන සිංහල කාව්‍යයේ රම්‍ය අදීන කල්පිත සංකල්පයන්ගෙන් සන්නද්ධ වීමෙන් චිත්‍ර කර්ම න්‍යාය රීතින්ගෙන් මුළුමනින්ම මිදුණු චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ කෘතින් මගින් කරන්නේ පෙරදිග පාරම්පරික ජනකලා හා උපමා කතන්දරය ය"



Madonna and Child.  1947
Oil on canvass.  81 x 60 cm



ලයනල් වෙන්ටඩ් නම් අසමාන සංවේදිතාවයෙන් යුතු සුවිශේෂ මිනිසා මෙරට සිත්තර පරපුරක්‌ බිහි කිරීම වස්‌ නිර්මාණශීලි තරුණයන්
පෙළගස්‌වමින් ගොනු කරමින් සිටින කාලය වන විට රිචඩ් ගේබි්‍රයල් නම් අප සිත්තරා හිරිමල් තරුණ වියේ ගැටයෙකි. කොට කලිසමක්‌ ඇද තමන් විසින් අඳින ලද චිත්‍ර කීපයක්‌ද රැගෙන ඔහු මේ යන්නේ තම ගුරුවරුන් හැටියට ක්‍රියාකළ හැරී පීරිස්‌ හා අයිවන් පීරිස්‌ යන දෙසොහොයුරන් හමුවන්නටයි.

එහෙත් එහිදී සිදුවුයේ රිචඩ් ගේබි්‍රයෙල් සිහිනෙනුදු බලාපොරොත්තු නොවු දෙයකි. මෙම ගැටවර වියේ සිටි හිරිමල් තරුණයාගේ සිත්තම ලයනල් වෙන්ටඩ් නම් කලා ලැදි පුද්ගලයාගේ නෙත ගැටීමයි. සිත්තර කලාවේ දීප්තිමත් අනාගතයකට හුරු බුහුටිකම් පාන සිත්තරෙකු හෙතෙම මේ සිත්තම් තුළින් දිටීය. තම සංවිධානයට බදවාගෙන ඉදිරියට ගත යුතු අතහිත දිය යුතු පුද්ගයලයෙකු යැයි සිතු ලයනල් වෙන්ටඩ් ශුරින් මේ කොලු ගැටයා, තරුණ සිත්තරා, සිය සංවිධානයට බඳවා ගත්තේය.


රිචඩ් ගේබ්‍රියෙල් සිත්තරා සමග සිය 67 වන උපන් දිනය යෙදුණු 1991.02.19 වන දින සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වු සුප්‍රසිද්ධ කලා විචාරකයෙකු වු ෂෙල්ටන් ආරච්චි මහතා සමග දොඩමලු වෙමින් අප සිත්තරා එම පුවත සිහියට නගන්නේ මෙසේය. ".... ලයනල් වෙන්ටඩ් 43 කණ්‌ඩාමය ගොනු කරන කාලේ, කොට කලිසමක්‌ අඳින ගැටයෙක්‌ මම. කලක්‌ මගේ ගුරුවරුන් හැටියට ක්‍රියා කළ හැරී පීරිස්‌, අයිවන් පීරිස්‌ දොසොහොයුරන්ට පෙන් වු චිත්‍ර වගයක්‌ ලයනල් වෙන්ටඩ් දැකල පැහැදී එවලේම මාව බෞස්‌තීම කළා" 43 කණ්‌ඩායමට (නූතන චිත්‍ර කලාවේ නව ප්‍රවණතා 80-90  දශක ෂෙල්ටන් ආරච්චිගේ පිට 412) දකුණු සිරිලක මාතර විසූ රිචඩ් ගේබ්‍රියෙල් ගේ දෙමාපියනට 1924 පෙබරවාරි මස 10 වන දින සුවිශේෂ දිනයක්‌ විය.


සතුට පිරී ඉතිරී ගිය දිනයක්‌ විය. මන්ද? නුතන චිත්‍ර කලාවට අනාගතයේදී අනන්‍ය සාධාරණ මෙහෙයක්‌ ඉටු කළ රිචඩ් ගේබ්‍රියල් නම් දරු සිගිත්තා සිය පවුලට එක්‌ වු හෙයිනි. මාතර ශාන්ත පීතර විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලැබු රිචඩ් ගේබ්‍රියල් දරුවා චිත්‍ර කලාවට දැක්‌වුයේ නොමද ඇල්මකි. අයිවන් පීරිස්‌ නම් චිත්‍ර ශිල්පියාගේ සෙවනේ චිත්‍ර කලාව හැදෑරීමට මේ දරුවා පෙළඹුණේ එහෙයිනි.


එසේ චිත්‍ර කලාව ඉගෙනමින් සිටින විටදී ය, ඉහත කී අයුරින් ආධුනික සිත්තරෙක්‌ වශයෙන් 43 කණ්‌ඩායම ගොනු වීමට එතුමාට සිදුවුයේය. එදා සිට 43 කණ්‌ඩායමේ කුදුමහත් සියලු කටයුතු වලට රිචඩ් ගේබ්‍රි‍යෙල් දායක විය. එම කණ්‌ඩායමේ පළමුවන චිත්‍ර ප්‍රදර්ශනයට චිත්‍ර ඉදිරිපත් කරණු ලැබීය.


1951 දී ඉන්දියාවේ 1952 දී බ්‍රිතාන්‍යයේද අධ්‍යාපන චාරිකාවක නිරත වුණු මෙතුමා දෙරට ආරාධනයෙන් ලන්ඩන්, පැරිස්‌, කේම්බ්‍රිජ්, වැනිස්‌, සාවෝපවුලෝ, යන නගරවල චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලැබීය. ලෝකයේ විවිධ රටවල කලාගාර සදහා රිචඩ් ගේබ්‍රියල් සිත්තරා ගේ කෘති තෝරාගෙන ඇත. ඉන්දියාවේ, යුරෝපයේ, ඇමරිකාවේ, ඕස්‌ට්‍රේලියාවේ පුද්ගල චිත්‍ර කලා එකතු වලටද එතුමාගේ කෘති රැසක්‌ දැකිය හැකිය. ඉතාලියේ පේලරනට්‌ ලලිත කලා ඇකඩමියේ ද සාමාජිකත්වය දැරීය.

(c) Shilpa Sayura Foundation 2006-2017