ව්‍යාවර්ත පරිවර්තකය (Torque converter)
  ව්‍යාවර්ත පරිවර්තකය ද දියර ගුරු රෝදයට බොහෝ සේ සමාන ය. එහි පොම්පය (Impeller) එන්ජිමට සවි කර ඇති ජව රෝදයට දෘඨ ව සම්බන්ධ කර ඇත. එනිසා එන්ජිම සෙමෙන් භ්‍රමණය වන විට පොම්පය සෙමෙන් කැරකේ.

එහෙත් එය මෝටර් රථය චලනය කිරීමට තරම් බලයක් ඇති නොකරන්නේ එම භ්‍රමණ වේගය එහි ඇති ද්‍රවයට ප්‍රමාණවත් කේන්ද්‍රාපසාරි බලයක් ලබා දීමට තරම් ප්‍රබල නොවීම හේතුවෙනි. එන්ජිමේ භ්‍රමණ වේගය වැඩි වත් ම පොම්පයේ භ්‍රමණ වේගය වැඩි වේ.

එවිට කේන්ද්‍රාපසාරි බලය හේතුවෙන් ව්‍යවර්ත පරිවර්තකයේ ඇතුළත ඇති ද්‍රවය (පොලඹවනයේ)පොම්පයේ පෙති අතරින් තලබමනය වෙත තල්ලු කෙරේ. එවිට එම ද්‍රවය තලබමනයේ පෙති මත පතිත වී එය කරකැවීමට භාජනය කරයි. එනම් එන්ජිමේ ඇති කරන ජවය ව්‍යාවර්ත පරිවර්තකය තුළ ඇති ද්‍රව ගතික බලය අනුසාරයෙන් ව්‍යාවර්තයක් ලෙස පිටතට සම්ප්‍රේෂණය කෙරේ. එන්ජිම වේගයෙන් කරකැවුව හොත් තලබමනය ලැබෙන ශක්තිය ද වැඩි ය.

වැඩි ව්‍යාවර්තයක් තල බමනය තුළ ඇති කිරීමට ද්‍රවය ඒ තුළ එක දිගට ම ගැලීම (Create a fluid path) සිදු කළ යුතු අතර, තලබමනය හරහා ගමන් කරන ද්‍රවය නැවත පොලඹවනයේ භ්‍රමණ කේන්ද්‍රය දෙසට දිශාගත කළ යුතු වේ. මෙසේ තලබමනය හරහා ගමන් කරන ද්‍රවය පොලඹවනය මතට දිශාගත කරන්නේ ස්ථායුකය (Stator) මගිනි.
(c) Shilpa Sayura Foundation 2006-2017