පෘතුවියේ උපත
 

වසර බිලියන 4.5 කට පෙර හේඩ්න් කාලයේ පෘතුවිය බිහිවූ බවට අදහස් කෙරේ.
හරියටම කිව නොහැකි වුවත් පෘතුවිය ගෝලාභයකි. එය තම අක්‍ෂය වටා කැරකෙමින් සෑම 24 පැයකදීම එක් භ්‍රමණයක් සම්පූර්ණ කරයි. හඳ පෘතුවියට සැතපුම් 239,000 ක් පමණ දුරින් වේ. පෘතුවිය, හඳ සූර්යයා වටේ භ්‍රමණය වන අතර, බුධ, සිකුරු , අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චුන් ග්‍රහයන්ද මෑතදී ග්‍රහයකු ලෙස සැළකීමෙන් හර කළ ප්ලූටෝද සූර්යයා වටේ භ්‍රමණය වෙත්. අප සූර්යග්‍රහ මණඩලය වන් ග්‍රහ මණ්ඩල දහස් ගණනක් විශ්වයේ පවතී.


තාරකා උපදින්නේ පහත රූපයේ දැක්වෙන (NGC 604) නෙබුලාවකය. (Nebulae). ගැලැක්සියක එවන් නෙබුලාවන් බහුලය. NGC 604 නෙබුලාවේ සූර්යයා මෙන් 15-60 ගූණයකටත් වඩා විශාල තාරකා 200 කට වඩා ඇත. ඔවුන් නෙබුලාවේ වායුමය බිත්ති රත් කර එම වායු දීප්තිමත් කරයි. ඉන් නෙබුලාවකට ත්‍රිමාණ ස්වරූපයක් ලැබේ.




1755 ඉම්මානුවෙල් කාන්ට් (Immanuel Kant)ප්‍රකාශ කළ පරිදි සූර්ය නෙබුලාව කැරකීම හා ගුරුත්වාකර්ශණය නිසා එම වායු ක්‍රමයෙන් උකු එනම් ඝණ බවට පත්වේ. එසේ ඝණ වන වායු කැටි තරු හා ග්‍රහ ලෝක බවට පත්වේ. 1796 දී ලැපලාස්ද (Pierre-Simon Laplace) මෙම මතයම ප්‍රකාශ කළේය.

සූර්ය ග්‍රහ මණ්ඩලයක් බිහිවීමේදී විශාල දූවිලි හා වායු වලාකුළු ගුරුත්වාකර්ශණ සුසංහිතිය (එකට කැටිවීම -compaction) සිදුවී අවසානයේ න්‍යෂ්ඨික විලයනයකට බඳන් වී (nuclear fusion) ආලෝකය හා තාපය ලබාදේ.

ඒ අවට සරන අංශු ගුරුත්වාකර්ශණ නිසා විශාල ඒකාබද්ධව විශාල කැදලි (lumps) නැතහොත් ආරම්භක ග්‍රහ වලාකුළු බවට පත්වී ක්‍රමයෙන් සමූහනය වී ග්‍රහ වස්තු බවට පත්වේ.

එම ග්‍රහ වලාකුළු කැදලි අතර ඝඨ|ටනය ඉතා විශාල තාපයක් උපදවන බැවින් ආරම්භයේ සිටම පෘතුවිය හා අනිකුත් ග්‍රහයෝ උකප ද්‍රවමය ස්වභාවයක තිබිණි. පෘතුවිය ක්‍රමයෙන් සිසිල් වෙද්දී ඝණ විය. මෙම සිසිලය සඳහා ඉතා විශාල කාලයක් ගත වන්නට ඇත. පෘතුවිය ඝණ වස්තුවක් බවට පත්වීමත් සමගම එහි භූ ගර්බ ඉතිහාසය ඇරඹිණි.

පෘතුවිය ආරම්භයේ දීී එහි ජලය නොවීය. එය උදුණක් මෙන් ගිනිගෙන දැවෙන මතුපිටකින්ද ඝණ මධ්‍යකින්ද යුක්ත විය. එහි නියම වායුගෝලයක්ද නොවූ අතර ලෝහමය හා සල්ෆර් වායු වලින් වෙලී තිබිණි.

අති විශාල කාලයක් යනවිට මෙම තාප දීප්ති ලක්‍ෂණ වෙනුවට වායු වලාකුල පහතට විත් උණු මුහුදක් වන් මතුපිට සමහ මිශ්‍ර වීම හා පාවෙන කැදලි බවට පත්විණි.

හඳ කුඩා බැවින් මේ වන විටත් සිසිල් වී තිබිණි.





 
(c) Shilpa Sayura Foundation 2006-2017