ලංකාතිලක විහාරය
 


ක්‍රී.ව. (1344-1353) අතර කාලයේ එනම් 14 වන සියවස රඡකළ 4 වන භුවනෙක බාහු රඡතුමාගේ කාලයේ සේනාධිලංකාර නම් ඇමතියා විසින් කරවන ලද විහාරයකි. පන්හල්හල නැමැති පර්වතයක්‌ මුදුනේ කළුගල් අත්තිවාරමක්‌ මත ගඩොලෙන් හා මැටි මාධ්‍යයෙන් ඉදිකර ඇති විහාරයකි. මෙම නිර්මාණය දකුණු ඉන්දියානු ස්‌ථාපති රයර් නැමැති ශිල්පියාගේ සැලසුමකට අනුව සදන ලද අතර එය බුරුමයේ පේගු නුවර ආනන්ද විහාරයට සමානකමක්‌ දැක්‌වේ.


විහාරයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඉතාම කලාත්මක වේවිශාල මකර තොරණකි. තොරණ මැද කිඹිසි මුහුණ හෙවත් කීර්ති මුඛය දක්‌වා ඇත. විහාරයේ ආරුක්‌කු සිවිලිමේ ඇති හංසපුට්‌ටුව දැක්‌වෙන හංස පදක්‌කම නැමැති චිත්‍රය ගම්පොළ යුගයේ සිතුවම් කලාව අධ්‍යයනය කළ හැකි ප්‍රධාන සිතුවමක්‌ වේ. අනෙක්‌ පහළ කොටසේ චිත්‍ර මහනුවර යුගයට අයිsතිවේ. ලංකාතිලක විහාරයේ වහල ක්‍රමය ගිනස්‌කා වසථ හෙවත් ඡීංඡකා වාස ක්‍රමයට සදා ඇත. මෙම නිර්මාණ සැලසුමට බුරුම දකුණු ඉන්දියානු ස්‌වදේශිය යන අංශ තුනම මිශ්‍රව  යොදා ගැනීම විශේෂ කරණකි. විහාරය වටා මෛත්‍රිය ලෝකේෂ්වර නාථ සුයාම සන්තුෂික ශක්‍ර බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වර කිහිරුළි උපන්වන් සුමන විභිෂණ ස්‌කන්ධ කුමාර යන දේවරූප සහිත දේවාල පහක්‌ ඉදිකරවා ඇත.


(c) Shilpa Sayura Foundation 2006-2017