දඹදෙණි යුගයේඳී උසස් සාහිත්‍ය කෘති සමූහයක් සිංහල සාහිත්‍ය වංශයට එක්‌විය.
සද්ධර්ම රත්නාවලිය :- ධර්මසේන නම් හිමිනමකගේ කෘතියකි. පාලි ධම්ම පදට්‌ඨ කතාව ඇසුරින් සිංහලෙන් ලියැව ඇත.
ජන වහර යොදාගෙන, සරල බසින් හා ශ්‍රව්‍ය ගෝචර රටාවෙන් (අසා තේරුම් ගත හැකි ලෙස) රචිතය. සිත් ගන්නා සුලු උලමා යොද ඇත. එකල සමාජ ආර්ථිකය තොරතුරු ද ඇතුළත්ය.
පූජාවලිය :- මයුරපාද පිරිවෙන්හි වැඩ විසූ බුද්ධ පුත්‍ර හිමියන්ගේ රචනයකි. අරහං යන බුදුගුණය විස්‌තර කරමින් ලියැවී ඇති ගද්‍ය ග්‍රන්ථයකි.
කව් සිළුමිණ :- සිංහල ගද්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන මෙම කෘතිය සකල විද්‍යා චක්‍රවර්තී දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචනා කරන ලද්දකි. කුසජාතක කතාව පදනම් කරගෙන ලියැවුණ මහා කාව්‍ය ග්‍රන්ථයකි. එය ලේඛකයාගේ ප්‍රතිභාපූර්ණ කවීත්වය හෙළි කරන්නකි.
විසුද්ධි මාර්ග සන්නය :- මෙය පණ්‌ඩිත 2 පරාක්‍රමබාහු රජතුමාගේ කෘතියකි. විසුද්ධි මාර්ගයට ලියන ලද ගැටපද විවරණයකි. බෞද්ධ ධර්මය පිළිබඳව රජතුමා තුළ වූ දුනුම් සම්භාරය මෙම ග්‍රන්ථයෙන් පෙන්නුම් කරයි.
සිදත් සඟරාව :- සිංහල භාෂාවේ ව්‍යාකරණ විධි 20ක් විස්‌තර කරමින් ලියැව ඇත. දැනට සිංහල භාෂාව සඳහා ඇති පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථයයි. මයුරපාද පිරිවෙන්පති වේදේහ හිමියන්ගේ කෘතියකි.
එළු සඳැස් ලකුණ සහ ලකුණු සර :- කාව්‍ය නිර්මාණය කිරීම සඳහා උපදෙස් ඇතුළත් ග්‍රන්ථ දෙකකි. කාව්‍ය ශාස්‌ත්‍රයේ දියුණුවට විශාල මෙහෙයක් මේ මගින් ඉටුකර ඇත.
දඹදෙණි කතිකාවත :- දිඹුලාගල මේධංකර හා සංඝ රක්‌ෂිත යන හිමිවරුන්ගේ රචනයකි. භික්‌ෂූන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් පිළිබඳ උපදෙස් ඇතුළත් වේ. පහත දුක්‌වෙන සාහිත්‍ය කෘතිද දඹදෙණි යුගයට අයත් ලෙස සැලකේ.
කඳවුරු සිරිත (චරිත කාව්‍යයකි)
පියුම්මල් (කෝෂ ග්‍රන්ථයකි)
කංඛා විතරණී සන්නය (ගැටපද විවරණයකි)
කුදු සිඛ පදාර්ථ (විනය නීති විස්‌තරයකි)
පද සාධක සන්නය (ගැටපද විවරණ ග්‍රන්ථයකි)
