දඹදෙණිය - කෝට්‌ටේ යුග අතර කාලය තකුළ මෙරට බිහිවූ ගිහි පැවිදි පඬිවරුන් සංඛයාව හා ලියවුණ ග්‍රන්ථ සංඛ්‍යාව දෙස බලන විට එකල අධ්‍යාපනය ඉතා උසස් මට්‌ටමක පැවති බව නිගමනය කළ හැකිය. අධ්‍යාපනය ලැබිමේ වරප්‍රසාදය සමාජයේ සියලු දෙනාටම එක සේ නොලැබුණත් ඒ ඒ සමාජ කොටස්‌වලට තමාට අවශ්‍ය ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙනීමේ අවස්‌ථාව විවෘතව තිබුණි.
රජ කුලයේ අය රජෙකකුට අවශ්‍ය ශිල්ප උගත් අතර කම්මල්කරුවන්, කුඹුල්කරුවන්, පේෂකරුවන්, රන් රිදී වැඩකරුවන් හා බෙර වැයීම, හොරණෑ පිඹීම, කරණවෑමි කටයුතු, රජක කාර්යය ආදී සේවා සපයන්නන්ද තම කාර්යයට අදාළ ඥානය ප්‍රකුණ කළේ පාරම්පරික ක්‍රමයටය.
අධ්‍යාපන ආයතන මඟින් ලබා දෙන ලද ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙනීමට අවස්‌ථාව ලැබුණේ ප්‍රභූ ජන කොටස් වලට පමණි. අධ්‍යාපනය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලැබුණි. අධ්‍යාපන මධ්‍යස්‌ථාන ලෙස පැවතකුණේ පිරිවෙන් හා විහාර ආරාමයන් ය. දකුණු ඉන්දීය ආක්‍රමණ නිසා අගනුවර වෙනස් වුවද අධ්‍යාපන කටයුතකු බෙහෙවින් අඩපණ වූ බවක් නොපෙනේ. කෝට්‌ටේ යුගය අධ්‍යාපනය උසස් දියුණුවක් ලැබූ කීර්තිමත් යුගයකි.
තොටගමුවේ විජයබා පිරිවෙණ බෞද්ධ - හින්දු - ගිහි - පැවිදි කාටත් අධ්‍යාපනය ලැබිය හැකි විශ්ව විද්‍යාලයක් බඳු විය.
අෂ්ටාදශ (දහඅටක්) ශිල්පද සූසැටක් (64ක්) කලාවන්ද අධ්‍යාපන කෙෂ්ත්‍රයේ විෂය මාලාවට ඇතකුළත් විය. ගිරා සන්දේශයට අනුව ත්‍රිපිටකය, ව්‍යාකරණය, වේදය. ජොතිෂ්‍ය, වෛද්‍ය ශාස්‌ත්‍රිය, සංස්‌කෘත, පාලි, සිංහල සහ දෙමළ භාෂා, කාව්‍ය, නාටක ආදී විෂයයන් කෝට්‌ටේ යුගයේ පිරිවෙන්වල ඉගැන්වූ බව පැහැදිලි වේ.
දොළොස්‌වන සියවසේ පැවැති අෂ්ට මූල පිරිවෙන් වලට නෑකම් ඇති පංචමූල පිරිවෙන් අධ්‍යාපන මධ්‍යස්‌ථාන පිළිබඳව දඹදෙණි යුගයේ මූලාශ්‍රවලින් තොරතකුරු ලැබේ. මයුරපාද පිරිවෙණ එකල පැවැති දීප්තිමත් අධ්‍යාපන මධ්‍යස්‌ථානයක් විය.
පතිරාජ දෙව් පිරිවෙණද වැදගත් අධ්‍යාපන ආයතනයක් විය. පහළොස්‌වන සියවස (කෝට්‌ටේ යුගය) වන විට තොටගමුවේ විජයබා පිරිවෙණ, කෑරගල පද්මාපතී පිරිවෙණ, පැපිලියානේ සූනේත්‍රා දේව පිරිවෙණ, ඝනානන්ද පිරිවෙණ, දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙණ යනුවෙන් මහා අධ්‍යාපන ආයතන පහක් විය. මෙම පිරිවෙන්වල ඉගෙනීම සඳහා විදේශවලින් පවා ශිෂ්‍යයින් පැමිණ ඇත.
පිරිවෙන් හැරුණු විට බොහෝ විහාරාරාම ආශ්‍රිතවද අධ්‍යාපන කටයුතකු සිදුවිය. ගම්වල දායක කාරකාඳීන්ට ධර්ම ඥානය ලබා දීම, දරුවන්ට අත්පොත් තැබීම, ලිවම, කියවම ඉගැන්වම වැනි කටයුතකු පන්සල් මගින් ඉටුවිය.
පිරිවෙන් හැරුණු විට බොහෝ විහාරාරාම ආශ්‍රිතවද අධ්‍යාපන කටයුතකු සිදුවිය. ගම්වල දායක කාරකාඳීන්ට ධර්ම ඥානය ලබා දීම, දරුවන්ට අත්පොත් තැබීම, ලිවම, කියවම ඉගැන්වම වැනි කටයුතකු පන්සල් මගින් ඉටුවිය.