මෙකල සමාජ සංවිධානය හා ජන ජීවිතය පොළොන්නරු යුගයට වඩා වෙනසක් නොවූ බව මූලාශ්‍රවලින් පැහැදිලි වේ. පීතෘ මූලික සමාජය, පවුල, වැදගත්ම සමාජ ඒකකය වම, කුල ක්‍රමය ක්‍රියාත්මක වීම පොළොන්නරු යුගයේ මෙන්ම සිදුවිය.
ප්‍රභූ ජන කොටස්‌වලට හා විහාර දේවාලවල සේවය කළ පිරිස් "වහල්" යනුවෙන් හඳුන්වා තිබීම මෙකල සිදුව ඇති එක්
වෙනසකි. වහල් යනුවෙන් දක්‌වා තිබුණත් ඔවුන් දුඩි ලෙස වහලුන් මෙන් පීඩනයට හසුව සිටි ජන කොටසක් නොවය. ප්‍රභූන් හා අගමික ස්‌ථානවලට අයත් දේපල පරම්පරාගතව බුක්‌ති විඳිමන් තම සේවාවන් නිදහසේ ඉටුකිරමේ අයිතිය ඔවුන් සතු විය.
මොවුන් "අන්වයාගත වහල්'' ලෙස හඳුන්වා ඇත. "මඟකුල් වහල්'' යන යෙදුමක් ලාංකාතිලක සෙල්ලිපියේ සඳහන් ව ඇත. මොවුන් මංගල කටයුත්තකදී දායාද සමඟ මනමාලියට පවරා දෙන ලද පරම්පරාගත දුසි දස්‌සන්ය.