හින්දු ආගමේ බලපෑම
 

යාපනය ප්‍රාදේශීය පාලනයට අයත් වූ ප්‍රදේශවල හින්දු දේවස්‌ථාන ඉදි විය. ත්‍රිකකුණාමලය, මන්තායි (මන්නාරම), හලාවත හා නල්ලුර් යන ස්‌ථානවල ප්‍රධාන හින්දු දේවස්‌ථාන පිහිටා තිබුණි.

මේ අතරින් නල්ලුර් කෝවිල සපුමල් කුමරු කෝට්‌ටේ රජවීමෙන් පසුව ඉදිකරවන ලද්දකි. බෞද්ධ ප්‍රදේශවලද හින්දු දේවස්‌ථාන ඉදිව ඇත. කතරගම මීට හොඳම නිදසුනකි. මහනුවරද හින්දු දේවස්‌ථාන කීපයක්‌ ඉදිව ඇත.

එ‍සේ වුවද හින්දු ආගම දකකුණු ප්‍රදේශවල සංවිධානාත්මකව පැවති බවක්‌ නොපෙනේ. ගම්පොළ යුගයේ ඇතැම් හින්දු දෙවිවරු බුදු සසුනේ ආරක්‌ෂකයන් බවට පත්වෙමින් සිටියහ. බෞද්ධ විහාරවල ඉදිරිපස බුදුරජාණන් වහන්සේට ආරක්‌ෂාව සලසමින් සිටින හින්දු දෙවිවරුන්ගේ මූර්ති ඉදිවිය. ලංකාතිලක විහාරයේ පළමු මහලේ බ්‍රහ්ම විෂ්ණු, මහේෂ්වර, විභීෂණ, ගණපති හා කතරගම යන දේව ප්‍රතිමා මූර්තිමත් කර තිබේ.


කෝට්‌ටේ යුගයේදී මෛත්‍රිය හා නාථ යන බෝසත්වරු වන්දනා කිරීමේ ක්‍රමය ජනතාව අතර පැතිර ගියේ ය. උපුල්වන්, සමන්, විභීෂණ, කතරගම සහ සතරවරම් දෙවිවරු රට හා බුදුසසුන ආරක්‌ෂා කරන දෙවිවරුන් බවට පත්විය. ඊශ්වර - කතරගම හා ගණ දෙවි කෝවිල් බෞද්ධ විහාර අසල ඉදිවිය. ඒවා සිංහල බෞද්ධයන්ගේ පුද සත්කාර වලටද පාත්‍රවිය. හින්දු බලපෑම මත මෙරට පිරිසිදු ථේරවාඳී බෞද්ධ ශිෂ්ටාචාරය තකුළට බ්‍රහ්ම, විෂ්ණු, මශේෂ්වර වැනි ප්‍රධාන පෙළේ හින්දු දෙවිවරුන්ද ශාසනාරක්‌ෂක දෙවිවරුන් ලෙස ඇතකුළත් කොට ගෙන ඇත.

 


ඔවුන්ගේ පිහිට පතා පුද පූජා කිරීම, බාර හාර ඔප්පු කිරීම ආඳී ථේරවාඳී බෞද්ධ චර්යාවන්ට හාත්පසින්ම වෙනස්‌ වූ (ලෞකික වූ) ආගමික වතාවත් සමූහයක්‌ බෞද්ධ සංස්‌කෘතිය තුළට කාවැදුණි.

(c) Shilpa Sayura Foundation 2006-2017