ඉඩම් බුක්‌තිය
 

සියලුම ඉඩම් රජු සතකු යයි පිළිගැනුණි. බුක්‌තිය අනුව මෙම ඉඩම් පමුණු, ප්‍රවේණි හා දෙවෙල් වශයෙන් කොටස්‌ 3 ක්‌ විය.

පමුණු :-පරපුරින් පරපුරට හිමියන ලෙස පවරා දුන් ඉඩම්, රාජ්‍ය සේවය සඳහා මෙම ඉඩම් ප්‍රදානය කෙරිණි.

ප්‍රවේණි :-සාමාන්‍ය ජනයා පරපුරින් පරපුරට බුක්‌ති බිඳගෙන ආ ඉඩම්. මේවායේ අයිතිය වෙනස්‌ නොවය. මෙම

ඉඩම්වල නිෂ්පාදිතයෙන් කොටසක්‌ රජයට බදු වශයෙන් ගෙවිය යුතු විය.

දිවෙල් :- විවිධ කර්මාන්තකරුන් සඳහා පැවරූ ඉඩම්, රන්, මැටි, යකඩ, හම් හා වඩු ආඳී කාර්මීකයන්ගේ සේවය වෙනුවෙන් මෙම ඉඩම් පවරා දෙනු ලැබිණි.

බිම් මිනුම් ක්‍රමය ගොවිතැන් ක්‍රමය අනුව කීරණය විය. මඩ ඉඩම් ව වපසරිය අනුව ලාස්‌, පෑල්, අමුණු වශෙයෙන් ඒවායේ විශාලත්වය තීරණය විය. ගොඩ ඉඩම්වල ප්‍රමාණය තීරණය වූයේ කුරක්‌කන් වපසරිය අනුවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017