අයබදු ක්‍රමය හා වෙනත් රාජ්‍ය ආදාම් මාර්ග
 

අනුරාධපුර - පොළොන්රු යුගවලට වඩා මේ යුගයේ අයබදු ක්‍රමය වෙනස්‌ විය. රාජ්‍ය නිලධාරන්ගේ ඉඩම් වගා කළ තැනැත්තා බද්ද වශයෙන් දුන්නේ ඒ ඉඩමේ ස්‌වාමියා වෙනුවෙන් වගා කළ කොටසේ සම්පූර්ණ අස්‌වැන්නය. ඒ හැර, මුතකු, මැණික්‌, ආදිය වෙළඳමෙන් රජයට ආදායම් ලැබුණි රෑරට තකුළ තිබූ වෙළඳපළවලින් බදු අය කෙරිණි.

ප්‍රදේශයකින් ප්‍රදේශයට ඇතකුල් වමේ (කඩත් වලඳී) බදු අය කෙරිණි. මේ බද්ද "සුංගම" නම් විය.

වෙළඳ තොටුපලවලදී ආනයන- අපනයන භාණ්‌ඩ සඳහා 10% - 15% අතර බද්දක්‌ අය කළ බවට තොරතුරු ලැබේ. රාජ්‍ය ඉඩම් ලබාගත් අයගේ පරිත්‍යාග වලින්ද භාණ්‌ඩාගාරයට ආදායම් ලැබුණි.
කෝට්‌ටේ යුගයේඳී "මස්‌ රන්" මාස්‌පතා ගෙවූ බදු හා "දවස්‌ රන්" දිනපතා ගෙවූ බදු ද විය. ඒ හැර මළ බද්ද නමින් මැරුණු
අයගේ චංචල දේපලවලින් 1·3ක්‌ බදු වශයෙන් අයකර ගැනීම ගැනද මූලාශ්‍රවල සඳහන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017