රාජ්‍යත්වය පිළිබඳ සංකල්පය ගත් විට රජු දෙවියෙකු ලෙස සැලකීමේ පොළොන්නරු සංකල්පය මෙකලද නොවෙනස්‌ව පැවතුණි. "දේවයන් වහන්ස" යනුවෙන් රජුට ආමන්ත්‍රණය කෙරුණි. බෝසත් (සිරිසඟබෝ), චක්‍රවර්තී, සිංහලාධිශ්වර යන විරුද නාම මේ යුගයේ රජවරු භාවිත කොට ඇත. රාජ්‍ය උරුමය සහෝදරයාගෙන් සහෝදරයාට හා සහෝදරයන් නැති විට රජුගේ වැඩිමහල් පුතාට හිමිවිය.
දඹදෙණි යුගයේ පියාගෙන් පුතාටත්, රජුගේ සහෝරදියගේ පුතාටත් රජකම හිමි වූ අවස්‌ථා ඇත. මෙය දකුණු ඉන්දියානු (පාණ්‌ඩ්‍ය) බලපෑම් මත සිදුවූවකි. රජු ළඟට රජකම හිමිවූ පුද්ගලයා "මාපා" ලෙස හැඳින්වීම මෙකලද පැවතුණි.
ප්‍රධාන ඇමති "ලක්‌දිව් - අධිකාර'' යව නමින් හි අනෙක් ඇමතිවරු "අධිකාර" යන නමින් හැඳන්විණි. "පූභූරාජ" නම් නිලියක් ගම්පොළ යුගයෙන් පසු ඇතිවිය. රජු වෙනුවෙන් සියලු කටයුතකු මෙහෙයැවූ පුද්ගලයා "ප්‍රභූරාජ" ය. "අලකේශ්වර'' මෙවැනි ප්‍රභූවරයෙකි.
14 වන ශත වර්ෂයේ සිට "මුදලි'' නම් නිලයක් භාවිතයට පැමිණ ඇත. එය "ඇමති" තනතකුරට සමාන විය. ප්‍රධාන වන්නි ප්‍රදේශ පාලනය කළේ "වන්නි නායක" යන්ය. මොවුන් හැඳින්වමට මහාවන්නියා, වන්නියාර් නම්ද භාවිත ව ඇත.
ප්‍රභූන් අතර රජු කුමාරවරු ළඟට වැදගත් වූයේ ඒකනායක වරුය. හංස සන්දේශයට අනුව කෝට්‌ටේ යුගයේ රාජ සභාව සැදුම් ලත් ආකාරය මෙසේය.
"රජු සර්වාභරණයෙන් සැරසී පැමිණ සිහසුනෙහි වාඩිවෙයි. ඉන්පසු රාජ කුමාරවරු පැමිණ ඔහුගේ දෙපසින් වාඩිවෙති. ඉන්පසු ඒක් එක් මැති, වික්‍රමසිංහ අදිකාරම්, සේනානායකවරු, වාසල මුදලිවරු, අරමුදලේ ලේකම්, මුදලිවරු හා මුකවෙටිවරු පැමිණ නියමිත ස්‌ථානවල අසුන් ගනිති"
මූලාශ්‍ර අනුව මෙකල සිටි වෙනත් රාජ්‍ය නිලධාරීන් මෙසේ ය.
බණ්‌ඩාර -ගබඩා බාරකරු
දිසානායක - දිසාවේවරු
සාමාන්ත - ප්‍රාදේශීය පාලනය භාර නිලධාරීන්
රට නායක - කුඩා ප්‍රදේශ භාරව සිටි අය
අධිකරණ නායක - විනිසකරුවන්
අර්ථනායක - ආර්ථික කටයුතු භාර නිලධාරීන්
අරමුදල - භාණ්‌ඩාගාරය භාර නිලධාරියා
ගජනායක - මහපුටු ලද්දා - අලි ඇතුන් භාරව
බදුනායක - අයබදු සම්බන්ධ නිලධාරන්
මහ වෙළඳ නායක - වෙළඳාම් කටයුතු භාර නිලධාර
මූලහිනා - රජුගේ මුළුතැන්ගෙය භාර අය
මහ දොරනා - රජ වාසල ආරක්‌ෂක ප්‍රධානියා
කපුවා - රජුගේ ඇඳුම් භාරව සිටි අය
මුකවැටි - රාජ්‍ය නියෝග ලියූ පුද්ගලයා
කෝරල හා අතකුකෝරල - කකුඩා ප්‍රදේශ භාරව සිටි අය
ගම්පති - ග්‍රාමීය ප්‍රදේශ (ගම්) භාරව සිටි අය
අගම් පඬි - විදේශවලින් ගෙන්වා ගත් කුලී හේවායෝ