දේශපාලන සබඳතා
මේ කාලය තුළ ලංකාව විදේශ රටවල් සමඟ පැවැත්වූ දේශපාලන සබඳතා අනුරපුර හා පොළොන්නරු යුගවල තරම් පුළුන් නොවේ. පොළොන්නරුවේ කාලිංග මාඝ පාලනයට සමකාලීනව දඹදෙණි රාජධානිය දක්ඛිණ දේශය හෙවත් මායා රට මුල් කරගෙන බිහිවිය. දඹදෙණි රජ පෙළපතේ දෙවැන්නා වූ 2 වන පරාක්‍රමබාහු සමයේ මලයානු අර්ධද්වපයෙන් පැමිණි ජාවත චන්ද්‍රභානු දෙවරක්ම ලංකාව ආක්‍රමණය කළේ ය. ඔහුගේ දෙවන ආක්රමණයේඳී දකකුණු ඉන්දියාවේ චෝල හා පාණ්ඩ්‍ය රාජ්‍යවලින් කුලී හමුදාවක්ද රැගෙන පැමිණියේ ය. චන්ද්‍රභානු සමඟ සටන් කිරම සඳහා 2 වන පරාක්‍රමබාහු රජුට පාණ්ඩ්‍ය රජුගෙන් හමුදා ආධාර ලැබුණි. එම උපකාරයට හිලව් ලෙස පාණ්ඩ්‍ය රජුගේ නියෝජිතයෙක් උතුරු ලංකාවේ ප්‍රාදේශීය පාලකයා ලෙස පිළිගැනීම පරාක්‍රමබාහු රජුට සිදුවිය.
කාලිංග මාඝ පරාජයකර පන්නා දුමිම 6 පරාක්‍රමබාහු රජුගෙන් සිදුවූ විශිෂ්ට සේවයකි. පාණ්ඩ්‍ය සෙන්පතියන් දෙදෙනෙකකු
යටතේ ආක්‍රමණයක් සිදුවිය. රජු විසින් මෙම ආක්‍රමණය පහසුවෙන් මර්ධනය කරන ලදි.
2 වන පරාක්‍රමබාහු පසුව ඇතිවූ අරාජික යුගයේඳී ආර්ය චක්‍රවර්තී නම් අයෙක් පාණ්ඩ්‍ය හමුදාවක් රැගෙන විත් යාපහුවට
පහරදී දන්ත ධාතකුව හා පාත්‍රා ධාතුව රැගෙන ගොස් පඩි රජුට භාරදීම සහ ඉන්පසුව රජවූ බෝසත් විජයබාහු පාණ්ඩ්‍ය
රජු සමඟ මිත්‍ර ව ඒවා ආපසු ලබා ගැනීමත් මෙකල සිදුවූ තවත් වැදගත් සිද්ධීන් දෙකකි.
රයිගම වර අලකේශ්වර සමයේ චෙංහෝ නමැති චීන සෙන්පතියා ලංකාවට පැමිණ අලකේශ්වර ඇතකුළු පවුලේ අය සිරකරුවන් ලෙස චීනයට ගෙනයාම හා පසුව ඔවුන් නිදහස් කර ලංකාව පාලනයට චීන රජු විසින් පාලකයෙකකු නම් කිරම,දැදිගම පරාක්‍රමබාහු (චීන ලියවිලි අනුව "පුල - කොම - බා") පුද පඬුරු රැගෙන චීන අධිරාජ්‍යයා මුණගැසීමට යාම හා ඔහුගේ කාලයේ චීන රාජ්‍යය සමඟ සබඳතා පැවැත්වම, චීනය සමඟ ඇතිවූ සබඳතාවලට නිදසුන්ය.
6 වන පැරකුම්බා රජු කාලයේ විජයනගර අධිරාජ්‍යයේ සෙන්පති "ලක්ණ්ණ දණ්ඩනායක'' විසින් එල්ල කළ ආක්‍රමණය මැඩපැවැත්වම හා දකකුණු ඉන්දියාවේ අදිවරරාම පටුන ආක්‍රමණය කොට ගම් හයකින් වර්ෂයක් පාසා කප්පම් ලබා ගැනීමද මේ යුගයේ විදේශ සබඳතා අතර වැදගත් වේ.
අටවැනි වර පරාක්‍රමබාහු රජුගේ කාලයේ ඉන්දියාවේ කායාල පටුනෙහි සිට පැමිණි "අදිරායන්" නම් වූ මුස්ලිම් නායකයා
බලහත්කාරයෙන් ලංකාවේ මුතු කිමිඳීමට හා ලංකාවේ ඇතුන් අල්ලන්නට වූ බැවින් උඩුගම්පොළ සකල කලා වල්ලභ හා
මාදම්පේ තනියා වල්ලභ යන දෙදෙනා හමුදාවක් රැගෙන ගොස් අදිරායන්ගේ හමුදාව සමඟ සටන් කොට ඔවුන් සිරභාරයට ගත්හ.
මෙ යුගයේ දේශපාන සබඳතා අතර කැපී පෙනෙන්නේ ඔවුනොවුන් අතර ඇතිවූ ගැටුම්ය. සාමකාමී දේශපාලන සබඳතා සහ දේශපාලන විවාහ සබඳතා සැලකිය යුතු තරමින් සිදු වී ඇති බවක් නොපෙනේ.
ඉනදීය සාගරයේ වෙළදාම අතිශයින් ව්‍යාප්ත වූ 15වන ශත වර්ශයේ සිතියමක ශ්‍රී ලංකාව තැප්‍රොබේන් ලෙස හඳුන්වා