මෙම යුගයේ දේශීය හා විදේශීය වෙළදාමද දියුණු විය. ප්‍රධාන නගරවල හා මුහුදු තොටුපළවල විශාල ලෙස ධනය රැස්‌කර ගත් පිරිස් විය. මොවුන් දේශපාලන බලය ලබා ගැනීම සඳහා ද තම ධනය උපකාර කරගත් බවට සාධක ඇත.
රයිගම විසූ අලකේශ්වර පරපුර වෙළදාම මඟින් ධනවත් ව පසුව රාජ්‍ය පාලනයේ ඉහළ තනතකුරු ලබාගත්හ. උඩරට විසූ ජෝතිය සිටුවරයාද වෙළඳ කුලයක නායකයෙකි. තොටුපළවල අයබදු රැස් කිරමට පත් කරන ලද්දේ සිටු කුලයේ නිලධාරීන්ය.
2 වන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දෙවිනුවර පාලනය කළ "මහා පාණ්‌ඩිත" යන්නෙකි. රට තුළ භාණ්‌ඩ අලෙවිය සඳහා වෙළඳ ගම්මාන පිහිටුවා තිබුණි. මේවා "නියම්ගම්" හෙවත් "නිගම" ලෙස හැඳින්වීය. කුරුණෑගල නගරයේ වෙළඳ වීථි තිබුණු බව කුරුණෑගල විස්‌තරය නම් පුස්‌කොළ පොතේ සඳහන් වේ. අභ්‍යන්තර වෙළඳාමේඳී මුදලට භාණ්‌ඩ අලෙවි කිරම හා භාණ්‌ඩ හුවමාරුව ද සිදුවිය.
මෙම යුගයේ විදේශ වෙළදාමට සම්බන්ධ ව සිටියේ අරාබි ජාතිකයන්ය. ඔව්හූ තොටුපළවල් ඇයුරෙන් පදිංචි ව සිටිමින් වෙළඳ කටයුතු මෙහෙයවූහ. මෙකල වැදගත් වූ වෙළඳ තොටුපළවල් නම් මාතොට, කොළඹ, මීගමුව, හලාවත, ගාල්ල,මාතර, වැලිගම, හා දෙවිනුවර ය. වර්තමාන රේගු කාර්යාල වලට සමාන වූ එකල විදේශ වෙළඳාම පාලනය කළ මධ්‍යස්‌ථාන දෙකක් පිළිබඳව තොරතුරු ලැබේ. චීන, පාණ්‌ඩ්‍ය, පාර්ෂියන්, විජය නගර හා මුස්‌ලිම් රටවල කාසි මේ
තොටුපළ වලින් හමු වී ඇත.
පණම හා මස්‌ස මෙකල භාවිතා වූ සිංහල කාසි වර්ග දෙකකි.
උතුරේ පිහිටි මුතුපර රජයේ හොඳ ආදායම් මාර්ගයක් විය. මේවා යාපනේ ප්‍රාදේශීය පාලකයන් සහ සිංහල රජු යන දෙකොටසටම අයිති විය.
හයවන පරාක්‍රමබාහු රජතුමා නිකුත්කල සිංහ ලාංඡනය තඹ කාසිය
පෙර යුගවල මෙන්ම රජු ඇතුළු සමාජයේ ප්‍රභූ පන්තියට අවශ්‍ය ඇතැම් සුඛෝපභෝගී භාණ්‌ඩ විදේශවලින් ආනයනය
කර ඇත. වටිනා රෙදිපිළි, පිඟන් භාණ්‌ඩ, මිදි යුෂ, හා සුවඳ විලවුන් වර්ග ඒ අතර විය. ලංකාවේ මැණික්‌වලට විදේශ වෙළඳාමේ විශේෂ ස්‌ථානයක් හිමිවිය. විදේශිකයන් කීප දෙනෙකකුට ලංකාවේ මැණික්‌වල අගය පිළිබඳව වාර්තා තබා ඇත.
"අත්තරංග ධූර" නම් වූ විශේෂ වෙළඳ අමාත්‍යංශයක්‌ද පිහිටුවා සතකුව තිබුණු භාණ්‌ඩවල නම් ලැයිස්‌තුවත් ඇතුළත් කර ඇත. සියලුම වර්ගවල මැණික් හා මුතකු විශාල ප්‍රමාණයක්, ඇතකුන්, අගිල්, කකුරුඳු වන වෙළඳ ද්‍රව්‍යවලනම් එම ලැයිස්‌තුවේ සඳහන් වේ. චීනය, ඊජිප්තකුව, බුරුමය, දකකුණු ඉන්දියාව, විජයනගර රාජ්‍යය හා අරාබිය යන රටවල් සමඟ වෙළඳ ගනුදෙනු සිදුකර ඇත.
15-16 සියවසේ ඉන්දීය සාගරයේ වෙළදාම