අයුරින් කෘෂිකාර්මික කටයුතකු සකසා ගැනීමටද ඔවුන්ට සිදුවිය. එක දගට විහිඳී යන අති විශාල තැනිතලා භූමි මේ ප්‍රදේශයේ නොවූ බැවින් වි වගාබිම් කඳු බෑවුම් හා ගංගා නිම්න ඔස්‌සේ පැතිර ගියේ ය. කඳුකර බිම්වල හෙල්මළු ව වගාව විශාල වශයෙන් ව්‍යාප්ත විය. වාරි ජලයෙන් ව වගාකොට පුරුදු අයට වර්ෂා ජලයෙන් ව වගා කිරීමට සිදු විය. අති විශාල වැයව් සෑදීමක් මෙකල සිදු නොවුණත් දඹදෙණිය, යාපහුව හා කුරුණෑගල රාජධානි පැවැති යුගවලදී තැනූ කුඩා වැව් රාශියක් දක්‌නට ඇත. නිකවැරටිය බතලගොඩ වැව ඉන් එකකි.
කුරුණෑගල අසල හා වයඹ පළාතේ වැව් කීපයක්‌ම ඉදිවිය. නිරිතදිග හා දකුණු පළාතේ ද මධ්‍යම කඳුකරයේද වර්ෂා ජලය මඟින් හෝ ගංගා හරහා ඉදිකළ අමුණු මඟින් හරවා ගත් ජලයෙන් වී ගොවිතැන සිදුවිය.
මේ කාලය තුළ වන්නි ප්‍රදේශවල ව ගොවිතැන සිදුවූයේ රජරට ශිස්‌ටාචාරයේ පැවැති විනාශ නොව ඉතිරි වූ වැව් ආශ්‍රයෙනි. එම ප්‍රදේශවලින් හේන් ගොවිතැන විරාගත ක්‍රමයට සිදුවිය. දඹදෙණිය, කුරුණෑගල හා යාපහුව රාජධානි යුගවලදී එම ප්‍රදේශවලට සංක්‍රමණය වූ රජරට ජනතාව එහිද හේන් වගාව ආරම්භ කළ බව පෙනේ. තල, උක්, කපු, කුරක්‌කන්, මෙනේරි හා එළවළු වර්ග හේන්වල වගා කෙරුණි.
සද්ධර්ම රත්නාවලියෙහි හා පූජාවලියෙහි මාවී, රත්හැල්, හීනටි වැනි ව වර්ග ගැන සඳහන් වේ. සී සෑම සඳහා එළගවයන් හා
මී ගවයන් යොදාගෙන තිබේ. ගොයම් රෝග සඳහා කෙම් ක්‍රම භාවිත කොට ඇත.
වී වගාවට අමතරව ගෙවතු වගාවද සිදුවිය. මේවායේ කොස්, දෙල්, පොල්, පුවක්, බුලත්, ගම්මිරිස්, කිතුල්, දෙහි, දොඩම්, ඉඟුරු, දුරු වැනි දේ වගා කොට තිබුණු බවට තොරතුරු මූලාශ්‍ර මඟින් දැනගත හැක.
මෙම යුගයේ පොල් වගාව විශාල ලෙස ව්‍යාප්ත විය. කළුතර, බෙන්තොට, තොටගමුව, මොරටුව, කකුඹුරුගමුව, කැලණිය,
කෑරගල ආඳී ප්‍රදේශවල පැතිර තිබුණු සරුසාර පොල් උයන් ගැන තොරතුරු සංදේශ කාව්‍යවල සඳහන්ව ඇත.
ගෘහාශ්‍රිතව සත්ව පාලනයන්ද කෙරිණි. එළ ගවයන් හා මී ගවයන්ට විශේෂ ස්‌ථානයක් හිමිවිය. එළුවන් හා කුකුළන් ඇතිකිරීමද සිදුවිය.
දඹදෙණි යුගයේ සිටම ලංකාව කුරුඳු සම්බන්ධයෙන් වැදගත් වෙයි. වෙළඳ බෝගයක් ලෙස රජයට හොඳ ආදායමක් මේ මගින් ලැබුණි. එහෙත් කුරුඳු වගා කළ බෝගයක් නොවය. වනාන්තරවල ස්‌වභාවිකව වැඩුණු කුරුඳු පැළෑටියෙන් "කුරුඳු පොතු'' ලබා ගැනුණි.