පොසිල
 

සතුන් හා ශාකවල ඛණිජමය ඉතුරුවීම්වල පියසටහන් වැනි අංශුමාත්‍ර පොසිල නම් වේ. පොසිල අධ්‍යනය විද්‍යාවක් වන අතර එය පාශාණි ධාතු විද්‍යව (paleontology) නම් වේ.

පොසිලයක් නිර්මාණය වන්නේ ඉතා සෙමිනි. පොසිලනය (Fossilization) යනු කාබනික ද්‍රව්‍ය වලට ඛණිජ ආදේශනය වීමයි. පැරණිම පොසිල පවා සම්පූර්ණයෙන් පොසිලනය වී නැත. එමනිස එම කාබනික දව්‍ය වලින් ජාන (DNA) ලබා ගැනීමට විද්‍යාඥයින්ට හැකිවී තිබේ.

කාබනික ගල් ගැසීම (Permineralization)
මෙහිදී කාබනික ද්‍රව්‍ය ගල් බවට පත්වීම සිදුවේ. එවිට එම වස්තුව හෝ ජීවියා (organism) මරණින් පසු ඛණිජ මණ්ඩි (sediment) වලින් වැසී යයි. මූලික විඛාදනයෙන් පසුව ඉතිරි කොටස් විඛාදනය වූ ප්‍රමාණය සලකා පොසිලයට අදාල වෙනත් විසතර ලබාගැනීම සිදු කරයි.

සමහර විට ජලය විසින් ජීවියාගේ ඇතුලත කොටස් කාලය සමග දිය කර හැරියද, මතුපිටක් ඇති ජීවියාගේ හැඩය ඇති සිදුරක් ඇති කරයි. මෙයට වාත්තු පොසිලයක් (mould fossil) ලෙස හඳුන්වයි. එම සිදුර පසුව ඛණිජ වලින් පිරීයාම සහ ඝණ වීමෙන් පොසිලයක් සෑදේ.


මැලියම් පොසිල (Resin fossils)
කුඩා සතුන්, කෘමීන්, මකුළුවන්, කටුස්සන් මැලියම් වැනි දුම්මල වල සිරවී කාලය සමග ඝණ බවට පත්වේ. මෙවැනි පොසිල වැලිගල් හා මඩගල් වල සොයාගත හැක.




ජීවත් වන පොසිල (Living fossils)
කොටසක් මැරි ගොස් පොසිලයක් වද්දී අන් කොටස ජීවත්වන කොරළ් පර ආදිය මින් හඳුන්වයි. මෙහිදී පවතින ජීවියා විශාල සමූහයක් වේ



 



 Learn More
 http://www.fossilmuseum.net

 

(c) Shilpa Sayura Foundation 2006-2017