7 වන පරාක්‍රමබාහු රජ සමය
 

6 වන බුවනෙකබාහු 1480 දී පමණ මියගිය පසු ඔහුගේ ලාබාල පුත් කුමරා පරාක්‍රමබාහු නමින් රජ කරවීය. එම කාර්යයන්
කළේ මුලින් සිරගත කර සිටි, එහෙත් පසුව නිදහස්‌ කොට තාන්න මාන්න ඳී කෝට්‌ටේ රාජ්‍යය තුළම තබාගෙන සිටි සිරිවර්ධන ප්‍රතිරාජ හා කූරගම හිමි යන දෙදෙනාය. කුමරු ලාබාල වූ නිසා ඔහුගේ මව වූ රත්නාවලී බිසව රජකමේ වැඩ බැලුවාය. ඒ අතරතුර රටේ නොසන්සුන්තාවයක්‌ ඇතිවූ නිසා සිරිවර්ධන ප්‍රතිරාජ හා කූරගම හිමි යන දෙදෙන විසින් පාලන කටයුතු මෙහෙයවූ බව පෘතුගීසි වාර්තාවල දුක්‌වේ.

තරුණ වියට පත් පරාක්‍රමබාහු රජු පණ්‌ඩිත පරාක්‍රමබාහු නමින් පෙනී සිටිමින් වසර 9 ක්‌ රජකම් කළේ ය. මේ රජු පරාක්‍රමබාහු නාමාවලියේ 7 වැන්නාය.

(c) Shilpa Sayura Foundation 2006-2017