යාපනය පාලනය කරමින් සිටි සපුමල් කුමරු, 6 වන පරාක්‍රමබාහු රජුගේ පුත් ජයබාහු රජ මරා 6 වන බුවනෙකබාහු නමින් කෝට්‌ටේ රජ වූ පසු ඔහුට විරුද්ධව විශාල කැරැල්ලක් ඇති විණි.
මෙම කැරැල්ලෙහි මූලිකත්වය ගත්තේ කුකුලද්දොළ සිරිවර්ධන පතිරාජ සහ කූරගම හිමිපාණන් යන සිංහල ප්‍රධානීන් දෙදෙනාය. "සිංහල සංගය" නමින් හැඳින්වූ මේ කැරැල්ල අවුරුදු 5 ක් තරම් දිගු කාලයක් පැවතකුණි. 6 වන බුවනෙකබාහු රජුට දෙමළ ජන්මයක් තිබීම හා ජයබාහු මරා දුමීම පිළිබඳව මහා සංඝයා ඇතකුළු ප්‍රභූ පක්‌ෂය බෙහෙවින් උරණවීම මේ කැරැල්ලට හේතු වන්නට ඇත. රජු අම්බුළුගල කුමාරයාගේ සහාය ඇතිව කැරැල්ල මැඩ පවත්වා කැරලි නායකයන් හිරබාරයට ගත්තේ ය.
මේ අතර අම්බුළුගල කුමාරයා සතුව තිබූ හතර කෝරළය උඩරට සේනාසම්මත වික්‍රමබාහු විසින් අල්ලා ගන්නා ලඳී. එම
ප්‍රදේශ යළි මුදා ගැනීමට 6 වන බුවනෙකබාහුට හැකිවිය.