ක්‍රි. ව. 1446 දී 6 වන පරාක්‍රමබාහු රජු මිය ගියේය. ඔහුගේ දියණිය වූ උලකුඩය දේවයගේ පුත්‍රයා ජයබාහු නමින් කෝට්‌ටේ රජ විය. මේ වන විට යාපනය පාලනය කරමින් සිටි සපුමල් කුමරු සේනා සන්නද්ධව පැමිණ ජයබාහු මරා 6 වන බුවනෙකබාහු නමින් කෝට්‌ටේ රජවිය. නොබෝ කලකින්ම ඔහුට විරුද්ධව විශාල කැරැල්ලක් ඇති විය.