යාපනය හා වන්නිය කෝට්ටේ පාලනයට නතුවීම ක්‍රි.ව 1449
 

යාපනය කෝට්ටේ පාලනයට නතු කර ගැනීම 1449 දී සිදුවිය. 6 වන පරාක්‍රමබාහු රජු විසින් පුත්‍රයෙකු ලෙස හදා වඩා ගන්න ලද සපුමල් කුමරු විසින් මෙම ආක්‍රමණය මෙහෙයවන ලදි. මෙම කුමාරයා මලබාරයෙන් පැමිණි පනික්‌කිල නැමැත්තාගේ දරුවෙක්‌ බවත් පරාක්‍රමබාහු රජු විසින් ඔහු තම පුතෙකු ලෙස හදා වඩාගත් බවත් පෘතුගීසි ලේඛනවල සඳහන් ව ඇත.

මෙම සටන සිදුවුයේ 1449 වර්ෂයේදීය. යාපනය ආක්‍රමණය කීරම සඳහා ගොඩබිමින් හා මුහුදින් (නැව්) හමුදා කණ්‌ඩායම් දෙකක්‌ යොදා ගත් බවට සාධක ඇත. අලිමංකඩට නුදුරු ජාවක කෝට්‌ටේදී පළමුවන සටන සිදුවිය. එම සටනින් ජයගත් සිංහල සේනාව යාපනයට ඇතුල් විය.

එහි ආර්ය චක්‍රවර්තී පාලකයා වූ "කණ්‌නසූරිය" සමඟ කළ සටනින් සපුමල් කුමරුට ජය අත්විය. කණකසූරිය දකුණු ඉන්දියාවට පැන ගියේය. මෙම ජයග්‍රහණය ලබා ආපසු පැමිණි සපුමල් කකුමරුට පරාක්‍රමබාහු රජුගෙන් තෑගි බෝග හා වස්‌තකුවද සමග යාපනයේ පාලනය භාර දෙනු ලැබිණි. යාපනයේපාලකයා ලෙස ඔහු අවුරුදු 22 ක්‌ කටයුතු කළේය. යාපනේ වැසියෝ ඔහු හඳුන්වන ලද්දේ "සෙම්බග පෙරුමාල්" යන නමිනි.

වන්නි පාලකයන් අතර තමාගේ බලය තහවුරු කර ගැනීම මෙහිඳී 6 වන පැරකුම්බා රජුට පාක්‌ෂපාති නොවු වන්නි පාලකයන් හමුදා බලය යොදා යටත් කර ගැනුණි.

(c) Shilpa Sayura Foundation 2006-2017