කෝට්ටේ කොඩිය
අභිෂේකයෙන් පසු දුදිගම අසල කීරවැල්ලේ මායාදුනු නුවරින් කුමරියක් විවාහ කර ගත්තේ ය. පරාක්‍රමබාහුට යුවරජකම ප්‍රදානය කොට සතර කෝරළයේ හා කන්ද උඩරට පාලන කටයුතු ඔහුට භාර කළේ ය. 6 වන පරාක්‍රමබාහු රජු දිගු කලක් රජකම් කළේ ය. ඔහුගේ රාජ්‍ය කාලය අවුරුදු 55 ක් පමණ වේ. මේ කාලය තුල වැදගත් දේශපාලන සිදුවම් කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබේ.
6 වන පරාක්‍රමබාහු රජු විසින් මහියංගනය, රන්නපුරය, තොටගමුව, ආඳී ඈත ප්‍රදේශවල සිද්ධාස්‌ථානද වැඩි දියුණු කළේ ය. 1415 ඳී පමණ රජුගේ අගමැති වූ "සලාවත ජයපාල'' නමැත්තා චීන දුත ගමනක ද යෙදවය. චීනය සමඟ වාණිජ හා සංස්‌කෘතික සබඳතා දිගටම පවත්වා ගැනීමට රජුට අවශ්‍ය විය. මේ වන විට පුත්තලමේ සිට දෙවුන්දර දක්‌වා වූ සියලුම තොටුපලවල් ආශ්‍රීතව සිදුවූ වෙළඳාම පාලනය කිරමේ පූර්ණ බලයද 6 වන පැරකුම්බා රජු සතු විය.
6 වන පරික්‍රමබාහු රජු යැවූ වෙළඳ භාණ්‌ඩ සහිත නැවක් දකුණු ඉන්දියාවේ අදිවරරාම පටුනේඳී "රායන්මලවර" නැමැත්තෙකු විසින් කොල්ලකන ලඳී. එයට පිළිතකුරු වශනේ විශාල නැව් හමුදාවක් (තංජෝර්හි) අදිවරරාම පටුනට යවා සොළීන්ගේ "මකකුඩන් කොට්‌ට" ප්‍රදේශය ඇතුළුගම් හතකින් අවුරුදු පතා කප්පම් ලබාගති.
දැදිගම යුවරාජයා වූ පරාක්‍රමබාහුගේ මරණයෙන් පසු ඔහුගේ පුත්‍රයා වූ පරාක්‍රම ඈපා සහ උඩරට ප්‍රදේශයේ "ජෝතිය සිටාණන්" යන දෙදෙනා අතර බල තරඟයක් ඇතිවිය. වඩා බලවත් වූ ජෝතිය. ඔහු කෝට්‌ටේ බලය නොපිළිගෙන අවුරුදු පතා ගෙවූ අයබදුද නතර කළේ ය. උඩරට ප්‍රදේශවල ජනතාව ලවා කෝට්‌ටේ රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කළේ ය. 6 වන පරාක්‍රමබාහු රජු අම්බුළුගල කුමාරයා ප්‍රධාන හමුදාවක් උඩරටට යවා ජෝතිය සිටාණන් සිරබාරයට ගත්තේ ය. උඩරට ප්‍රදේශවල පාලනය පරාක්‍රම ඈපාට පවරා දෙන ලදි.
මාතලේ ප්‍රදේශයෙන් මතු වූ වික්‍රමබාහු නම් කුමාරයෙක් නැවත උඩරට කැරැල්ලක් ඇති කළේය. එව මර්දනය කිරීම සඳහා පරාක්‍රම ඈපා දුදිගම සිට උඩරටට ගියේ ය. වික්‍රමබාහු සමඟ කළ සටනින් පරාක්‍රම ඈපා පරාජයට පත්ව වෙල්ලස්‌සේ දොඩම් වලට පැන ගියේය. මොහු දොඩම්වල පරාක්‍රම ඈපා නමින් ප්‍රසිද්ධ විය. වික්‍රමබාහු කුමාරයා "සේනාසම්මත වික්‍රමබාහු'' නමින් ක්‍රි. ව. 1463 ඳී සෙංකඩගල (මහනුවර) රජ විය. පරාක්‍රම ඈපාගේ පලායාමෙන් හිස්‌වූ යුවජාර පදවිය අම්බුලුගල කකුමාරයාට ලැබුණු අතර ඔහු දැදිගමට නුදුරු අම්බුළුගල තම පාලන මධ්‍යස්‌ථානය ලෙස තෝරා ගත්තේ ය.
6 පරාක්‍රමබාහු රජු බුද්ධ ශාසනයේ හා සිංහල සාහිත්‍යයේ අභිවර්ධනයට විශාල රාජ අනුග්‍රහයක් දැක්වීය. එතුමාගේ මෑණියන් සිහිවම පිණිස පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරය ඉදිකොට එහි නඩත්තකුව සඳහා ගම්වරයක් ද පූජා කළේ ය. මෙකල සංඝරාජ තනතකුර හෙබවුයේ ජයවර්ධනපුර වනරතන හිමිපාණන්ය. බුරුමය, සියම හා කාම්බෝජය යන රටවල භික්‌ෂූන් මෙහි පැමිණ සිංහල උපසම්පදාව ලබාගෙන ඒ රටවල ගෙනගිය බවද සඳහන් වේ.